කලාපයේ බලවතෙක් මහින්දගේ ගෙදරටම පැමිණ මුණ ගැසේ

අසියානු කළාපීය දේශපාලන පක්‍ෂ නියෝජතයින්ගේ අන්තර්ජාතික සම්මේලයේ (ICAAP) මහ ලේකම් Chung – Eui – Yong මහතා හා කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රි...

අසියානු කළාපීය දේශපාලන පක්‍ෂ නියෝජතයින්ගේ අන්තර්ජාතික සම්මේලයේ (ICAAP) මහ ලේකම් Chung – Eui – Yong මහතා හා කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී Lee Hye Hoon අද උදෑසන විජේරාම නිල නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු විය.

මෙහිදී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වූ අතර මැලේසියාවේ පැවති 09 වන අසියානු කළාපීය දේශපාලන පක්‍ෂ නියෝජතයින්ගේ අන්තර්ජාතික සම්මේලයේ වාර්ෂික වාර්ථාව මහ ලේකම්තුමා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වීය.

මෙම සමුළුවේදී මහින්ද රාජපක්‍ෂ මහතා සහ එම දූත පිරිස මුහුණ දුන් LTTE හිතවාදීන්ගේ විරෝධතා හා අමිහිරි අත්දැකීම් පිළිබඳව ගරු මහ ලේකම්තුමාගේ කනස්සල්ල පල කලේය.

කළාපීය දේශපාලනය උදෙසා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම සමුළුවේදී ඉදිරිපත් කෙරුණු අදහස් සහ යෝජනා වාර්ෂික වාර්ථාවේ ඇතුළත් වී ඇති බවද ඉදිරි වසරේදී ත්‍රස්තවාදය මැඩලීමට සහ කළාපීය ආර්ථික වර්ධනය පිළිබඳ (ICAAP) සංවිධානය විසින් ගන්නා ක්‍රියාමාර්ග වලට පාදක කොට ගන්නා බවද පැවසීය.

එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මැලේසියානු 09 වන සම්මේලනය මෙන්ම කොරියානු සංචාරයේදී සිදු වූ ද්විපාර්ෂවීය සාකච්ඡා පිළිබඳව හා කොරියාවේ වත්මන් දේශපාලන තත්වය සහ කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ. මෙම අවස්ථාව සඳහා හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4655954008295728974

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item