බැඳුම්කර වංචාවට දඬුවම් දෙනවාමයි - ජනපති

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඉරිදා ...

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඉරිදා ලංකාදිප පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ එම කරුණ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක තමන් සිටින බවත් බැඳුම්කර වංචාවට සම්බන්ධ කිසිවෙකුට සහනයක් ලබා දීමට තමන් සූදානම් නැති බවයි.

මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධව කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැත කර කතානායකවරයා විසින් නීතිපතිවරයාට යොමු කරනු ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව නීතිඥ කණ්ඩායම සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවද ජනපතිවරයා සඳහන් කරයි.

බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට විශේෂ කොමිසමක් පත්කරනවාද නැත්ද යන්න පිළිබඳව අවසන් තීරණය වාර්තාව නීතිපතිට යොමු කිරිමෙන් අනතුරුව තීරණය කරන බවද ඔහු පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6828661765971960497

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item