වත්මන් රජය වැටෙන ලකුණු පෙන්නවා - හිටපු ජනපති

වත්මන් රජය පෙරලීමට පත්වන ලක්ෂණ මේ වන විට පෙන්නුම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හම්බන්තොට විරෝධතාවයෙහි නිරතවූ ගම්ව...

වත්මන් රජය පෙරලීමට පත්වන ලක්ෂණ මේ වන විට පෙන්නුම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හම්බන්තොට විරෝධතාවයෙහි නිරතවූ ගම්වාසීන්ට පහරදීම ඇතුලු විවිධ සිද්ධිවලින් පැහැදිලිව පෙනී යන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා නීතියේ අධිපත්‍ය බිද වැටීම යැයි අද (08) මහනුවරදී ඒ මහතා ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත්හ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංද දෑල බණ්ඩාර මහතා විසින් හිටපු ජනාධිපතිවරයා පිළිගන්නා ලදි.

අනතුරුව ඒ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදුටු හිටපු ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදුටුවේය.

අක්කර 15 000ක් අහිමිවනවා කියන්නේ සුළුපටු දෙයක් නොවෙයි. සිය ගම් බිම් අහිමිවන ජනතාව විරෝධය පළ කිරීම සාමාන්‍ය දෙයක්. එවැනි විරෝධතාවකට පහරදීම සුදුසු නැහැ. මහා සංඝරත්නයට පවා පහරදීම් සිදුවුණා. අද වන විට නිතියේ ආධිපත්‍ය බිදවැටීමේ ලක්ෂණ පැහැදිලිවම දක්නට ලැබෙනවා.

හම්බන්තොට පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති රාජ්‍ය නායකයා හම්බන්තොට පිළිබදව කරන ප්‍රකාශවලින් සත්‍ය වන්නේ එයයි. එම ප්‍රදේශය පිළිබදව අවබෝධයක් තිබිය යුතුයි. පොලිස්පතිවරයා අද ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය නැති කළා. යර්ස් සර් නෝ සර් කියමින් ඉහළට ආවැඩීම නිසා පොලිසියේ ගෞරවය අද නැතිවෙලා. මේ අතරේ මගේ ආරක්ෂක නිලධාරීන් 12 දෙනෙකු ඉකුත්දා සිට මාගේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තියට තමන්ට ආරාධනාවක් නොලැබුණු බවත් නව පක්ෂයක නායකත්වය ලබාගැනීම සදහා මේ දක්වා විධිමත් ආරාධනාවක් නොලැබුණු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නදීක දයා බණ්ඩාර - මහනුවර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4262500180450858020

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item