ත්‍රිකුණාමලේ බුදු පිළිම 4කට හානි කරලා – පිළිම 2කට කළුතෙලුත් වත්කරලා (PHOTOS)

ත්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ (07) සහ අද (...

ත්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (07) සහ අද (08) අළුයම් කාලයේදී සංවිධානාත්මක පිරිසක් විසින් එම බුදු පිළිමවලට හානි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට එලෙස හානි කර ඇති බව වාර්තා වේනවා.

උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්ගම්වෙහෙර හන්දියේ පිහිටි බුදු පිළිමයට සහ ගෝමරන්කඩවල හිරියාය හන්දියේ පිහිටි බුදු පිළිමයට කළු තෙල් වත් කර තිබූ බව   වාර්තා වේනවා.

ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා විසින් එම පිළිම සෝදා පිරිසිදු කර තිබෙනවා. මොරවැව හන්දියේ බුදු පිළීමයේ සිරසට හානි කර ඇති අතර පුල්මුඬේ 14 කණුව ශාන්ති විහාරයට නුදුරින් පිහිටි බුදු පිළිමය කඩා දමා ඇත්තේ දෙවන වරට බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 85925528960280553

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item