SLT මෑන් පවර් සේවකයෝ අරලිය ගහ මැදුරට

ටෙලිකොම් ආයතනයේ මෑන්පවර් සේවකයන් ස්ථිර කරන ලෙසට සිදුකරන සත්‍යග්‍රහයට නිසි ප්‍රතිචාර නොලැබෙන නිසා අද (24) අරලිය ගහ මන්දිරය ඉදිරිපට විරෝධත...

ටෙලිකොම් ආයතනයේ මෑන්පවර් සේවකයන් ස්ථිර කරන ලෙසට සිදුකරන සත්‍යග්‍රහයට නිසි ප්‍රතිචාර නොලැබෙන නිසා අද (24) අරලිය ගහ මන්දිරය ඉදිරිපට විරෝධතා රැලියක් පවත්වන බව ටෙලිකොම් මෑන්පවර් අරගල සහයෝගීතා ව්‍යාපාරය සඳහන් කරයි.

වසර 17 කට වැඩි කාලයක් තිස්සේ මෑන්පවර් සේවකයන් ලෙස කටයුතු කරන 2100 කට අධික ප්‍රමාණයක් ස්ථිර සේවයට ඇතුළත් කරන ලෙසට ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයට මාසයක් පමණ කාලයක් ගතවී තිබෙන බවද එම සංගමයේ සභාපති නිමන්ත විජේසූරිය සඳහන් කළේය.

මේ නිසා තමන් ස්ථිර සේවයට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා හෙට දිනයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සංදේශයක් භාර දෙන බවත් ඉන්පසුව මෙම රැළිය පවත්වන බවද ඔහු පවසා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5643931812547639821

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item