පාකිස්තානයට ලකුණු 135ක පහසු ජයක්
ශ්‍රී ලංකා පිල ලකුණු 135කින් පරාජයට පත්කරමින් සංචාරක පාකිස්තානු පිල දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය සටහන් කිරීමට අ...

https://www.sathhanda.com/2015/07/135.html
මේ අනුව තරග 5කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ තරග 2-1ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටී.
කාසියේ වාසිය ජයගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානු පිල සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 316ක් රැස් කළේය.
අදාල දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 181 ක් පමණි.
ඛෙත්තාරාම පිටියේ ඉතිහාසයේ කෙදිකවත් ලකුණු 300 සිමාව හඹාගොස් තරගයක් ජයගෙන නොමැත.
පාකිස්තානය (පන්දුවාර 50 කදී) 316/4
(සෆ්රාස් අහමඩ් 77 (පන්දු 74, 4x7), මොහොමඩ් හෆීස් 54 (පන්දු 64, 4x4), අසාර් අලී 49 (පන්දු 59, 4x4), අහමඩ් ශේෂාඩ් 44 (පන්දු 54, 4x4), සොයිබ් මලික් 42* (පන්දු 29, 4x5), මොහොමඩ් රිස්වාන් 35 (පන්දු 22, 4x2, 6x1), ලසිත් මාලිංග 80/1 (පන්දුවාර 10), සචිත් පතිරණ 49/1 (පන්දුවාර 10), තිසර පෙරේරා 63/0 (පන්දුවාර 10), ණුවන් ප්‍රදීප් 47/9 (පන්දුවාර 9)
ශ්‍රී ලංකාව (පන්දුවාර 41.1 කදී) 181/10
(ළහිරු තිරිමාන්න 56 (පන්දු 67, 4x4), කුසල් පෙරේරා 20 (පන්දු 18, 4x3), දිනේස් චන්දිමාල් 18 (පන්දු 30), සචිත් පතිරණ 19 (පන්දු 21, 4x1, 6x1) උපුල් තරංග 16 (පන්දු 21, 4x1), තිලකරත්න ඩිල්ෂාන් 14 (පන්දු 21, 4x1), අන්වර් අලී 24/1 (පන්දුවාර 05) රාහත් අලී 35/1 (පන්දුවාර 07) ඉමාඩ් වසීම් 28/2 (පන්දුවාර 7)
Related