ගැටුමක් නිසා ශ්‍රීලංකා පකිස්ථාන ක්‍රිකට් තරගය නවතියි [Updates] නැවත අරඹයි
Updates: ආර්.ප්‍රේමදාස පිටියේ හටගත් නොසන්සුන් තත්වය පිළිබඳ මේ වනවිට තවත් කරුණු අනාවරණය වනවා. මෙම ගැටුම බීමත් පුද්ගලයින් දෙදෙනෙක...

https://www.sathhanda.com/2015/07/blog-post_584.html

Updates:
ආර්.ප්‍රේමදාස පිටියේ හටගත් නොසන්සුන් තත්වය පිළිබඳ මේ වනවිට තවත් කරුණු අනාවරණය වනවා.
මෙම ගැටුම බීමත් පුද්ගලයින් දෙදෙනෙකු නිසා පස්වරු 9 පමණ සිට ඇතිවූ ආරවුලක් බවත් එය ඔවුන් සිටි පැවිලියනයේ දෙපිරිසක් අතර ගැටුමක් බවට පසුව වර්ධනය වූ බවත් පැවසේ. තරග තීරකවරයාද මේ ගැන ආරක්ෂක කැමරා ඔස්සේ නැරඹූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් පස්වරු 9.35 පමණ වනවිට මෙම ගැටූම බෝතල් වීදුරු ගල් කැබලි විසිකරමින් සිදු කරන ආරවුලක් බවට පරිවර්තනය වී ඇත.
මුළු පිටියේම අවධානය ඔවුන් වෙත යොමුවී ඇත.
තරගයේ 33 වන පන්දුවාරය යවන අවස්ථාවේ එම ගැටුම සිදුවූ පැවිලියනය ආසන්නයේ හතරේ සීමාව අසළ පන්දු රකිමින් සිටි පාකිස්තානු ක්‍රීඩකයාට
එම ගැටුමේ සිටි කිසියම් අයෙකු එල්ල කළ ගලක් වැනි දෙයක් වැදී ඇත. එම අවස්ථාවේ ඔහු තුවාල සහිතව විවේකාගාරය වෙත දිවගිය නිසා පිටියේ මැද තරගය නතර විය.
පසුව සියලූම පන්දුරකින්නන් පිටිය මැදට වී මෙම ගැටුම නරඹමින් සිදු කරන්නෙA කුමක්දැයි සිතන්නට බැරිව සිටියා. ඒ සමගම කැරළි මර්දන ඒකක පිටියට කැඳවා තිඛෙන අතර ඔවුන් ගැටුමට සම්බන්ධ අය එතැනින් ඉවත්කළා.
ඒ අතරවාරයේ අනෙක් සියලූම ප්‍රේක්ෂකයින්ද ඉවත් කරන්නට පොලිසියට උපදෙස් ලැබී තිබුණා.
ඒ වනවිට පාකිස්තානයට ජයග්‍රහණය පෙනෙමින් තිබුණ අතර තරග තීරකට ඔවුන්ට ජය ලබාදී තරගය අවසන් කරන්නට හැකියාව තිබුණත් ජවගල් ශ්‍රීනාත් එක්වරම එසේ කළේ නැත.
මිනිත්තු තිහක පමණ විරාමයකින් පසු දැන් තරගය නැවත ආරම්භවී ඇත.
First News:
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය සුළු කාලයකට තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.
ඒ ක්‍රීඩාගාරයේ සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් නිසාය.
මුස්ලිම් ප්‍රේක්ෂක පිරිසක් පාකිස්තානයට සහය දැක්වීයැයි යන කාරණාව මත මේ ගැටුම ඇතිවී ඇතිවී ඇතැයි වාර්තා වේ.
තරගය තාවකාලිකව නතරකරන විට පාකිස්තානය සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත් ලකුණු 317 හඹායන ශ්‍රී ලංකා පිල පන්දුවාර 33.3 කදී කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලබා සිටියේය.
Related