ඡන්ද පෝස්‌ටර් වාෂ්ප කරන්න 1989 දෙනෙක් සූදානමින්
නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීමට දිවයින පුරා පිහිටුවා තිබෙන පොලිස් කොට්‌ඨාස හතළිස් දෙකක් සඳහා අනියම් කම්කරුවන් එක්‌දහස්...

https://www.sathhanda.com/2015/07/1989.html
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ නුවරඑළිය පොලිස් මූලස්‌ථානයේදී 09 දා පැවැති මාධ්‍ය හමුවකදීය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගුණසේකර මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව විසුරුවාහැරි පසුගිය 26 දා සිට මේ දක්‌වා මැතිවරණයට අදාළ පැමිණිලි දහතුනක් ලැබී තිබෙනවා. ඉන් බහුතරයක් බැණ තර්ජනය කිරීම් ආදී සාමාන්‍ය පැමිණිලි ඒවායිනුත් බහුතරයක් දෙපාර්ශවය විසින් මේ වන විට සමථයකට පත් වී තිබෙනවා.
නමුත් මුල්ම මැතිවරණ පැමිණිල්ල ලැබුණේ මහියංගනය පොලිස් වසමෙන්. මහියංගනය නගරයේදී පිහියකින් කපා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව එම පැමිණිල්ලට අදාළව මේ වන විට සැකකරුවන් හයදෙනකු මහියංගනය මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ වගේම කඹුරුපිටිය පොලිස් වසමේදීත් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් වාර්තා විණි. එයට අදාළවත් සැකකරුවන් තුන්දෙනකු මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අනුව මේ මැතිවරණ පැමිණිළි දහතුනටම අදාළව මේ වන විට සැකකරුවන් නමදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඒ පොලිස් ස්‌ථාන මගින් එම පැමිණිලි විමර්ශනය කරනවා.
පාර්ලිමේන්තු මැතිවරණ පනතේ හැත්තෑහතර වගන්තිය අනුව අත් පත්‍රිකා පෝස්‌ටර් කටවුට් කොඩි ආදිය ප්‍රදර්ශනය කිරීම බෙදාහැරීම සම්පූර්ණයෙන් තහනම් වෙනවා. එවැනි ක්‍රියාවල නිරතවන පුද්ගලයන්වද අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ කිරීමට කටයුතු කරනවා.
නමුත් අපේක්‍ෂකයා ගමන් ගන්නා වාහනයේ එවැනි දැ ප්‍රදර්ශනය කිරීම කළ හැකියි. ඒ වගේම නීත්‍යානුකූල අවසරයක් ලබාගෙන පවත්වන රැස්‌වීමක
රැස්‌වීම් භූමියේ ඒ වගේම නීත්‍යානුකූලව පිහිටුවා ඇති මැතිවරණ කාර්යාලයන් තුළ එවැනි දැ ප්‍රදර්ශනය කිරීම කළ හැකිවනවා.
Related