එජාපය 14; නුවරින් වැඩ අල්ලයි

මෙවර මහ මැතිවරණයේ ජයග්‍රහණය පතා එක්‌සත් ජාතික පක්‍ෂය සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 14 වැනිදා මහනුවරින් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව එ...

මෙවර මහ මැතිවරණයේ ජයග්‍රහණය පතා එක්‌සත් ජාතික පක්‍ෂය සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 14 වැනිදා මහනුවරින් ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව එදින සවස මහනුවර පොළ භූමියේදී මංගල ජන රැලිය පැවැත්වෙනු ඇත.

එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන එම පක්‍ෂයේ මැතිවරණ ප්‍රචාරත කටයුතු ඉන් අනතුරුව දීපව්‍යාප්තව සිදුකිරීමට නියමිත අතර සෑම මැතිවරණ කොට්‌ඨාසයකම එජාප නායකයා සහභාගි වන ප්‍රධාන ජන රැලි පැවැත්වෙනු ඇත. එජාප නායකයා සමඟ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නායකයන් දිනකට ප්‍රධාන රැලි හතරක්‌ පමණ ඇමතීමට තීරණය කර ඇත.

කුඩා රැලි, ගෙන්ගෙට යැම, පත්‍රිකා බෙදීම ඇතුළු යාන්ත්‍රණ මගින් ජනතාව දැනුවත් කිරීමට එජාපය මෙවර විශේෂ වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබේ.

එජාපයේ අවසන් මහ රැලිය ලබන මස (අගෝස්‌තු) 14 දින මරදානේදී පැවැත්වීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3248863716795718567

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item