මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සෞඛ්‍යයේ අලුත් පත්වීම් 300ක්‌

රට පුරා මැතිවරණයක්‌ ප්‍රකාශයට පත් කර ඇති අවස්‌ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් දේශපාලන අවශ්‍යතා මත නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරා...

රට පුරා මැතිවරණයක්‌ ප්‍රකාශයට පත් කර ඇති අවස්‌ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් දේශපාලන අවශ්‍යතා මත නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරු දෙකක්‌ අලුතින් නිර්මාණය කර ඇතැයි වෛද්‍යවරු චෝදනා කරති.

මීට අමතරව මැතිවරණය හමුවේ නියමිත ක්‍රමවේදයට පටහැනිව සීමාවාසික වෛද්‍යවරුන් තුන්සියයක්‌ සඳහා ද නව පත්වීම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා ප්‍රකාශ කළේය.

රටේ මැතිවරණයක්‌ පැවැත්වීමට සූදානම් වෙද්දී රාජ්‍ය නිලධාරීන්ට නව පත්වීම් ලබාදීම සහ නව තනතුරු ඇති කිරීම නීතියට පටහැනි බවද වෛද්‍ය ජිනදාස මහතා කීවේය.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු තාර්කික පදනමකින් තොරව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරු දෙකක්‌ අලුතින් නිර්මාණය කර ඇතැයි පවසන වෛද්‍ය ජිනදාස මහතා මේ පිළිබඳව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගෙන් හා විද්වත් මත විමසීමක්‌ කර නැතැයි ද කීය.

එමෙන්ම දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නියමිත ක්‍රමවේදයෙන් සකස්‌ කළ වෛද්‍ය පුරප්පාඩු ලැයිස්‌තු වෙනස්‌ කර වෛද්‍යවරුන් තුන්සියයක්‌ ඇතුළත් විකෘති ලැයිස්‌තුවක්‌ එළිදැක්‌වීමට කටයුතු කර ඇතැයි ද වෛද්‍ය ජිනදාස මහතා කීවේය.

සාමාන්‍යයෙන් මෙවැනි පුරප්පාඩු ලැයිස්‌තු සකස්‌ කරනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්‌ඩල නියෝජිතයන් හා සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් එක්‌ව බවද කී හෙතෙම සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කළ මෙම අත්තනෝමතික පත්කිරීම් නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් පවතින බවද කීය.

අජිත් අලහකෝන්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 46991804245655452

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item