සාත්තුසේවකයා සමඟ විවාහ වූ අවුරුදු 4 දැරියකගේ සංවේදී කතාව [Photos]

තමන්ට ජීවත්වන්නට ඇත්තේ තවත් සීමිත කාලයක් බව දැනගෙන මේ ලොව වෙසෙනා බොහෝ පිරිසත් අතර සිටි කුඩා දැරියකගේ අහිංසක ඉල්ලීමක් කාගේත් දෑසට කඳුලක් ගෙන...

තමන්ට ජීවත්වන්නට ඇත්තේ තවත් සීමිත කාලයක් බව දැනගෙන මේ ලොව වෙසෙනා බොහෝ පිරිසත් අතර සිටි කුඩා දැරියකගේ අහිංසක ඉල්ලීමක් කාගේත් දෑසට කඳුලක් ගෙන එන අයුරින් ඉෂ්ඨ කරන්නට වූ රෝහලක සේවකයෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

නිව්යෝර්ක් හි රෝහ‍ලක පිළිකාවකින් රෝගාතුරුව සිටි අවුරුදු 4ක් වූ මෙම දැරියගේ සිහිනය වූයේ ඇයට සාත්තු කරන සාත්තුසේවකයා සමඟ විවාහ වීමයි. 

මේ පිළිබඳව ඇය ඔහුට පවසා ඇති අතර පසුව ඒ පිළිබ‍‍ඳව දැරියගේ දෙමාපියන්ට ඔහු පවසා තිබෙනවා. ඒ අනුව පැය 24ක් වැනි කාලයක් ඇතුළත ඇයගේ ආශාව ඉෂ්ඨ කිරීමට එම රෝහලේ කාර්ය මණ්ඩලය ඉදිරිපත් වී තිබෙනවා. 

කේක් ගෙඩියක් කපා මංගල මුදු ද මාරුකරගෙන ඇති මෙම විවාහ උත්සවයේදි දැරිය ඉතාමත් ප්‍රීතියෙන් කාලය ගතකර ඇති අතර ඇය ජීවත්වන කෙටි කාලය තුල මෙවැනි යමක් කිරීමට කැපවීම පිළිබ‍ඳව සාත්තු සේවකයාට බොහෝ දෙනෙක් ස්තූතිවන්ත වී තිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 8079854617440112656

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item