මහනුවර - ගන්නොරුව කනිෂ්ඨ විදුහලේ සිසුවියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා සහ ගුරුව...

මහනුවර - ගන්නොරුව කනිෂ්ඨ විදුහලේ සිසුවියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ දැරිය සහ ඇගේ දෙමව්පියන් මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. 51 හැවිරිදි විදුහල්පතිවරයා පේරාදෙණිය - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර 42 හැවිරිදි ගුරුවරයා, පේරාදෙණිය - ගන්නොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔවුන් අද දිනයේ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
Related