ටීඑන්ඒ ප්‍රා මන්ත්‍රී ගෑණු 56ක් කෙළෙසලා
මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු දුප්පත් කතුන් 56 දෙනකු සමඟ ගත් අසභ්‍ය වීඩියෝ රුපියල් 2...
https://www.sathhanda.com/2015/07/56.html
ඔහු එම කතුන් සමඟ සහවාසයේ යෙදී එම පින්තූර ගෙන ඇතැයි ද, රජයේ සුළු සුළු ආධාර දී ඔවුන් ඊට පොළොඹවාගෙන ඇතැයි ද එවැනි වීඩියෝවක් වන්නියේ සැමියකු හා පුතකු දැකීමෙන් පසු තුන් දරු මවක සිය දිවි නසාගෙන ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.
එම කාන්තාවගේ මරණයට ගිය වන්නි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ මල්ලාවි පොලිසියට මේ ගැන පැමිණිලි කළහ.
මුලදී පොලිසිය පැමිණිල්ල ලියා නොගත් නමුත් පසුව ලියාගෙන ඇතැයි ද, එම සිද්ධිය සැලවූ පසුව 21 හැවිරිදි තවත් තරුණියක ද සිය දිවි නසාගන්නට ගොස් ඇතැයි ද, එහෙත් ඇය බේරා ගත් බව ද ගැමියෝ පොලිසියට කීහ.
කාන්තා ක්‍රියාකාරිකයෝ පිරිසක් පසුගිය දා යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනයේ සිට දෙමළ ජාතික සන්ධානයේ යාපන කාර්යාලයයට විරෝධතා පාගමනක යෙදී දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්දන්ගේ හා මාවෙයි සේනාධිරාජාගේ පඹයක් පිලිස්සු බව ද කියති.
දූෂණ සිද්ධිය මාවෙයි සේනාධිරාජාට සැලකිරීමෙන් පසු පිටරට සිටින දෙමළ ජාතිකයන්ගේ ආධාරයෙන් අරමුදලක් අරඹා දූෂණයට ලක්වූ කාන්තාවනට මාස්පතා මාසික දීමනාවක් ගෙවීමට පියවර ගන්නා බව කියා ඇත.
එහෙත් උතුරු කාන්තා ක්‍රියාකාරිකයන් කියා ඇත්තේ එම දූෂකයාට එරෙහිව පියවර ගන්නා ලෙසයි. තමා ඔහු කවුදැයි නොදන්නා බව මන්ත්‍රීවරයා කියා ඇතැයි ද, ඔහු හිටපු දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (ටෙලෝ) සාමාජිකයකු බව කියා ඇතැයි ද වාර්තා වේ.
ඉන්පසු කාන්තා ක්‍රියාකාරිකයන් සෙල්වම් අඩෙයිකලනාදන් හා ශ්‍රීධරන් යන මන්ත්‍රීන් හමුවීමට ගොස් ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුහු උතුරු පළාත් මහ ඇමැති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතාට ලේඛන ගත තැපෑලෙන් ලිපියක් යොමු කර ඇතැයි ද, එහෙත් මෙතෙක් උත්තරයක් ලැබී නැතැයි ද කියති.
උතුරේ කාන්තා ක්‍රියාකාරීකාවක වන මුතියා මුදන් සුගන්ධි උතුරේ දෙමළ වෙබ් අඩවියකට මේ බව පවසා ඇත.
ඉන් පසු තම නිවස ඉදිරිපිටට ආ තරුණයන් පිරිසක් ඇයට බැණ වැදී දෙමළ ජාතික සංවිධානය විවේචනය නොකරන ලෙස කී බව ද ඇය කියන්නීය.
තමාට තර්ජනය කරන බව පොලිසියට දැනුම් දෙන බව කී විට කොල්ලන් පිරිස පලා ගිය බවත් සුගන්ධි කියයි.
උතුරේ ඇතැම් කාන්තා ක්‍රියාකාරිකයන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සංවිධානයට කිසිවක් නොකියන බව ද සුගන්ධි කියන්නීය.
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසූ විට ඒ ගැන සොයා බලා පිළිතුරක් දෙන බව කීවේය.
ලංකාදීප


Related