උදයංග වීරතුංග එවූ භාණ්ඩ මාස තුනක් රේගුවේ

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සතු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දෙන තුරු ඔහුගේ ප...

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සතු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දෙන තුරු ඔහුගේ පෞද්ගලික භාණ්ඩ තොගයක් අඩංගු කන්ටේනරය නිදහස් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

උදයංග වීරතුංග මහතා සතු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය මේ වනතුරුත් අමාත්‍යාංශයට භාර දී නොමැති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවිය පැවසුවාය.

එම ගමන් බලපත්‍රය යළි බාර දෙන ලෙස කිහිප අවස්ථාවකදීම ඔහුගෙන් ඉල්ලා සිටියද තවමත් බාර නොදුන් හෙයින් අදාළ කන්ටේනරය මුදා හැරිය නොහැකි බවද ඇය කීවාය.

අතර රුසියාවේ හිටපු වීරතුංග මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීත්‍යානුකූලව එවූ සිය පෞද්ගලික භාණ්ඩ අඩංගු කන්ටේනරය මාස තුනකට ආසන්න කාලයක් වාරායේ හිර කොට ඇති බවයි. ඒ සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බව ද ඔහු කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5497992989250776844

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item