නාන්න ගිය එකම පවූලේ ක් ඇතුළු 5ක් මරුට (ජයාරූප)
මීට ටික වේලාවකට පෙර වලස්මුල්ල වරාපිටිය වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් 5 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන්ගෙන් සිව්දෙනෙකු එකම ...

https://www.sathhanda.com/2015/07/5_98.html
මීට ටික වේලාවකට පෙර වලස්මුල්ල වරාපිටිය වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් 5 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන්ගෙන් සිව්දෙනෙකු එකම පවුලේ අය බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස එකම පවුලේ පියා (40), මව (38) දියණියන් දෙදෙනා අවුරුදු 20 සහ 03 වැනි වයස්වල පසුවෙන බවත් සඳහන්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මකයි. මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු කිරම රෝහලට රැගෙනවිත් තිබෙනවා.
මේ අතර මීට මාස එකහමාරකට පමණ පෙර සිට අතුරුදන්ව සිට ඇති බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා. ඒ ආසන්නයේ තිබී කෘමිනාශක බෝතලයක් ද සොයාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
වවුනියාව මහරම්භකුලම වැව් පිටියේ තිබී මෙම මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මහරම්භකුලම ශ‍්‍රී රාම්පුරම් නිවාස සංකීර්ණයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි.
වැවේ මසුන් ඇල්ලීමට පැමිණි තරුණයින් දෙදෙනෙකු අදාළ මළ සිරුර දැක ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
Related