මහින්දට කිසි දෙයක් පිනට හම්බ උනේ නෑ, මහන්සියෙන් ලබාගත්තා - අසංක නවරත්න

"මහින්දට කිසි දෙයක් පිනට හම්බ උනේ නෑ, මහන්සියෙන් ලබාගත්තා" යයි මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන අසංක නවරත්න මහතා පසුගිය දා ...

"මහින්දට කිසි දෙයක් පිනට හම්බ උනේ නෑ, මහන්සියෙන් ලබාගත්තා" යයි මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන අසංක නවරත්න මහතා පසුගිය දා පොල්ගහවෙල පැවති ජනහමුවක් අමතමින් සදහන් කර සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ එතුමා, 

"මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වීමට පෙර ඉතිහාසය ගත්තොත් එතුමාට ධීවර ඇමතිකම දුන්නා නෙවෙයි එතුමා ඒක ලබාගත්තා, අගමැතිකම දුන්නා නෙවෙයි එතුමා ඒක ලබාගත්තා, ජනාධිපති අපේක්ෂකත්වය එතුමාට නොදී ඉන්න නොකලේ මොනවද නමුත් එතුමා ඒකත් ලබාගත්තා.
ජනාධිපති වුණාට පස්සේ කොහොමද ත්‍රස්ථවාදීන් එක්ක හැප්පුනේ, කොහොමද ජාත්‍යන්තරය එක්ක හැප්පුනේ කියලා අපි හොදට දැක්කා. අපිට තියෙන්නේ එතුමාට ශක්තියක් වෙන එකයි. එතුමා මේ රට නැවත නිවැරදි මාවතට ගෙනඒමේ නායකත්වය එතුමා ගන්නවා." 

"ඇත්තටම වර්ථමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදෙයක් එහෙම ලබාගත්ත කෙනෙක් නෙවෙයි. එයාට හිටං ඉද්දි අනිත් අය එයාට අරන් දුන්නා. අඩුම තරමේ එයා ජනාධිපති අපේක්ෂකයා කියලවත් එයා දැනන් හිටියේ නෑ අවසන් මොහොත වෙනකල්. අපේ රට සංවර්ධනයේ මාවතට ගත හැක්කේ උදේ කියපු දේ හවස වෙනස්කරන පෞර්ෂයක් නැති නායකයෙක්ට නෙවෙයි. තුන්කල් දක්නා නුවනින් රාජ්‍යය පාලනයේ යෙදෙන්නෙක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වුනොත්, ජනාධිපති වුනත් එයාව කව්රුවත් ගනන්ගන්නේ නැති බව. එයාව නිකම්ම දියවෙලා යන බව ඒකයි මේ මහින්දව කපන්න උපරිම උත්සහය යොදන්නේ. මෙතන තියෙන්නේ මෛත්‍රීගේ පෞර්ෂයේ ගැටළුවක් මිසක් වෙන දෙයක් නෙවෙයි." යයිද එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7758472741171457016

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item