ඔය කියන ජාතික ආණ්ඩුව මිරිඟුවක් පමණයි - අසංක නවරත්න
"ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිට අද දක්වා උත්සහකලේ කෙටි මාර්ගවලින් බලයට ඒමටයි. නමුත් වර්ථමානයේ අනිත් අය ආණ්ඩු බලය ලබාගන්න උත්සහකරද...

https://www.sathhanda.com/2015/07/asanka-nawarathna.html
"ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිට අද දක්වා උත්සහකලේ කෙටි මාර්ගවලින් බලයට ඒමටයි. නමුත් වර්ථමානයේ අනිත් අය ආණ්ඩු බලය ලබාගන්න උත්සහකරද්දි ඒ අය බලන්නේ, ඒ අල්ලපනල්ලේ කෙසේ හෝ විපක්ෂය නතුකරගන්නයි." මෙවර කුරුණෑගලින් සන්ධානයෙන් තරග කරන අසංක නවරත්න පැවසීය.
ඔහු තව දුරටත් අදහස් දක්වමින් " ඒ අය ඒ වෙනුවෙන් ඕනම පාවාදීමක් කරන්න ලෑස්තියි. ඒත් අනුර කුමාරට ඒ සිහිණය මේ පාරත් සැබෑකරගන්න ලැබෙන්නේ නෑ18 වෙනිදා විපක්ෂ නායකම රැකගන්නේ රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස බව දැන් පැහැදිළියි. සජිත් දැන් කොහොම හරි විපක්ෂ නායක කමටයි පක්ෂ නායක කමටයි කෙල පෙරනවා. රනිල්ගෙත් අනුරගේත් සැබෑ නොවන සිහිණය 17 වෙනිදා මධ්‍යම රාත්‍රිය තෙක් දකින්න අපි ඒ අයට ඉඩ දෙමු. ඔය කියන ජාතික ආණ්ඩුව මිරිගුවක් පමණයි. මේ රටේ ඊලග ආණ්ඩුව පිහිටවන්නේ එක්සත් ජාතික නිදහස් සංධානය ඒක වලක්වන්න කාටවත් බෑ. වර්ථමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද අපේ ප්‍රථිපත්ති ප්‍රකාශය පිළිගත්තා, ඒ වගේම පක්ෂයට ද්‍රෝහී වූ එතුමාගේ පිලේ සාමාජිකයින් 5කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්න සිද්ධ වුණා වගේ එදාට අපේ බහුතර ඉල්ලීම ඉවතදාන්න එතුමාට බැරිවෙන එක සහතිකයි.
Related