කන්දක් විලිලා මී පැටියකු බිහිකිරීම හෙවත් කුඩු කන්ටේනර් හතේ(7) මොහොමඞ් මුබාරක්
මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු වන මැලේසියාවේ පදිංචි මොහොමඞ් මුබාරක් මොහොමඞ් මුජහීඞ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ ...

https://www.sathhanda.com/2015/07/mohamad-mubarak.html
මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු වන මැලේසියාවේ පදිංචි මොහොමඞ් මුබාරක් මොහොමඞ් මුජහීඞ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගැනීමට පොලීසිය විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ රතු නිවේදනයක් මගින් ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු කරන බවයි.
2009 සිට 2014 ජූලි 7 වනදා දක්වා කාලසීමාව තුළ ඔහු මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 7ක් මෙරටට එවා ඇති බවයි පොලිස් විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ. එම කන්ටේනර් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 750 කට වැඩි ප්‍රමාණයක් පොලීසිය පසුගිය කාලයේදී සොයාගෙනතිබෙන බව ඔහු සඳහන් කරනවා.
මෙලෙසම අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආ ලංකාවේ ප්‍රධානම කුඩු ජාවාරම් කාරයා යයි කියූ සම්පත් විදාන පතිරණ හෙවත් වෙලේ සුදාගේ චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකිව පොලිසිය අද ලත වෙමින් සිටි. ඒ තියා වෙලේ සුදගේ මිලිග්‍රෑම් 6ක හෙරොයින් නඩුවේ නඩු ලියකියවිලි මෙන්ම පරීක්ෂණ ව්ර්තාද අස්ථාන ගතව තිබේ.
පොලිස්පතිට මෙන්ම රුවන් ගුණසේකරට තියෙන්නේ අත්අඩංගුවට ගන්නා උන් ගැන පාරම් බබා නන් දොඩවන්නේ නැතිව විදිමත් පරීක්ෂණ සිදුකර ඔවුන් නීතිය හමුවට පමුනවා ලීමයි. පොලිසියේ ඔය පරම බෑමෙන් රටටවත් ජනතාවටවත් සෙතක් නොවෙනවා මෙන්ම වැරදි කරුවන් ට පොලිසියෙන් ආරක්ෂා වීමට නම් එය ප්‍රයෝජනවත් වේ. ඒ වගේම මැතිවරණයක් ආසන්නයේ මෙවැනි පුවත් විකුණන් කන දෙසපාලුවන්ටත් ප්‍රයෝජනවත් විය හැකිය.
Related