ජනපති විශේෂ ප්‍රකශය - මහින්ද පරදිනවා,නාමයෝජනා දුන්නට විරුද්ධයි

මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අගමැති ධූරය ලබාදීම සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් ඕනෑතරම් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පව...

මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අගමැති ධූරය ලබාදීම සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් ඕනෑතරම් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත්,ජනවාරි 08 වන දින දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටුකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ අද(14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශය සිදුකරමිනි.

පසුගිය කාලයේ තමන්ට 'පාවාදෙන්නා,ද්‍රෝහියා' ලෙස මාධ්‍ය මගින් දැඩිව විවේචනය කර තිබුණු බවත්, මීට පෙරාතුව සිටි ජනාධිපතිවරයාට එලෙස ආමන්ත්‍රණය කළේ නම් සිදුවිය හැකිව තිබූ දෙය දැනගැනීමට හැකිව තිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් තමන් සටන්වැද රටට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ලෙස භාවිතා නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මහින්දට සන්ධානයෙන් නාමයෝජනා නොලැබීනම් වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලීම අනිවාර්යෙන්ම සිදුවිය හැකිව තිබුණු බවත්,අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මහින්ද පාර්ලිමේන්තුවට ගෙනවිත් අගමැති කිරීමේ උත්සාහයක් ඔවුන් තුළ තිබුණු බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය වැරදි බවට ඇතැමුන් චෝදනා කළද එය නිවරදි තීරණයක් බවත්, එසේ නොවී මහින්ද රාජපක්ෂ සභාපති වූයේ නම් සුළුතර රජයේ දින සියයේ වැඩපිළිවෙළට සහාය නොදෙනු ඇති බවත්, එමගින් මහජනයාට යහපතක් නොවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාට හොඳ නමක් ඇති බැවින් මහබැංකු අධිපතිට ඉල්ලා අස්වන ලෙස දන්වන්නැයි අගමැතිගෙන් ඉල්ලා සිටි බවද ඔහු සිහිපත් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදීද දිගින් දිගටම පරාජයට පත්වන බවත්, ජනවාරිට අට වැනි දා පරාජය වූ සේම එය සිදුවනු ඇති බවත්,ඔහුට නාමයෝජනා දීම ගැන තමා තදින්ම විරුද්ධවූ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

තමා මෙම මැතිවරණයේදී පක්ෂග්‍රාහී නොවී තදින් ක්‍රියා කරන බවත්,මහින්ද රාජපක්ෂ මහතාට සහයක් ලබානොදෙන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5917087461080395046

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item