අධි ආරක්‍ෂක කලාපයේ ඉඩම් රැසකට නිදහස අද!

යාපනය වලිගාමම් උතුරේ අධි ආරක්‍ෂක කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශයේ යම් ඉඩම් ප්‍රමාණයක අද දින ජනතාව යලිපදිංචි කිරීමට අවසරය ලබාදී ඇති බව දෙමළ ජාති...

යාපනය වලිගාමම් උතුරේ අධි ආරක්‍ෂක කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශයේ යම් ඉඩම් ප්‍රමාණයක අද දින ජනතාව යලිපදිංචි කිරීමට අවසරය ලබාදී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

යාපනය මාර්ටින් වීදීයේ පිහිටි තමිලරසු පක්‍ෂ කාර්යාලයේදී ඊ‍යේ දින පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“වලිගාමම් උතුරේ නිදහස් නොකල ඇතැම් ප්‍රදේශයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මීට සති දෙකකට ඉහතදී, යලිපදිංචි කිරීම් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ හමුදා නිලධාරින් සමග සාකච්ඡා කර තිබුණි. ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සහ යලිපදිංචි කිරීම් අමාත්‍යංශයේ ලේකම් යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් යාපනය වලිගාමම් උතුරේ නිදහස් නොකල ඇතැම් ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් අද දින සාකච්ඡා කර, ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතය.

වාසවිලාන් තෝලකට්ටි ප්‍රදේශය නිදහස් කරන බව මීටපෙර නිවේදනය කල පසු, හමුදාව විසින් එම ප්‍රදේශයේ කම්බි වැටක් ඉදිකර, ජනතාවට එම ප්‍රදේහයේ පදිංචිවීමට අවසරය ලබානොදි ඇත. එම ප්‍රදේශය නිදහස් කරනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු. එමෙන්ම, පලාලි ප්‍රදේශයේ නිදහස් කල ඉඩම් වලට යාමට නොහැකි අන්දමින්, ආලියඩි මංසන්ධියේ සිට පලාලි ප්‍රදේහයට යන ප්‍රධාන මාර්ගය හමුදාව විසින් කම්බි වැටක් ඉදිකර වසාදමා ඇත. එම මාර්ගය ජනතාවගේ ගමනා ගමනය සඳහා විවෘත කරනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු.

වරුත්තලෙයිවිලාන් ප්‍රදේශයේ නිදහස් කල ඉඩමක හමුදා කඳවුරක් ඉදිකර ඇත. එම හමුදා කඳවුර ඉවත් කලහොත්, ඉඩම් අක්කර 46 ක භූමි ප්‍රමාණයක් නිදහස් කිරීමට හැකිවනු ඇත. ජනතාව යලිපදිංචි කරවීමට අවසරය ලබාදුන් වීමන්ගාමන් තයිට්ටි ප්‍රදේශයේ සමහර ඉඩම් තවමත් නිදහස් කර නොමැත. ඒවාද නිදහස් කරනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු. අද දින පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගිවීමට නියමිත අතර, ජනතාවගේ ඉඩම් සහ ආගමික ස්ථාන වල ඉදිකර ඇති හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අවධාරණය කිරීමට නියමිතය.

ජනතාව යලිපදංචි කල යුතුව ඇති අනෙකුත් ඉඩම් පිළිබඳව ඇති ගැටළු මෙහිදී අප පැහැදිලි කිරීමට නියමිතය. එමෙන්ම, ජනතාව කඩිනමින් පදිංචි කලයුතුව ඇති ප්‍රදේශයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට තීරනය කර ඇති අතර, වලිගාමම් උතුර අධි ආරක්‍ෂක කලාපය පොදු අවශ්‍යතාවයක් බව සඳහන් කර, හමුදාවේ අවශ්‍යතාවයන් මත ආක්‍රමණය කල ඉඩම් වල හෝටල් 13 ක් ඉදිකර ඇති අතර, පශු සම්පත් ගොවිපලවල් 02 ක් සහ ගොවිතැන් කටයුතු වල හමුදාව නිරතවීම සම්බන්ධයෙන් මෙහිදී පෙන්වාදීම‍ට අප තීරණය කර ඇත්තෙමු” යනුවෙන් මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6839017744985088964

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item