මෙවර මන්ත්‍රීන් තෝරා ගන්නේ මෙහෙමයි

මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් තේරී පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ගණන 19 දෙනෙකි. ගම්පහ දිස්ත්‍රික්කයෙ...

මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් තේරී පත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ගණන 19 දෙනෙකි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙක් ද, කළුතරින් 10 දෙනෙක් ද, මහ නුවරින් 12 දෙනෙක් ද, මාතලෙන් පස් දෙනෙක් ද තේරී පත් වෙති.

නුවර එළියෙන් අට දෙනෙක් ද, ගාල්ලෙන් 10ක් ද, මාතරින් අට දෙනෙක් ද, හම්බන්තොටින් හත් දෙනෙක් ද, යාපනයෙන් හත් දෙනෙක් ද, වන්නියෙන් හය දෙනෙක් ද පාර්ලිමේන්තුවට තේරී පත් වෙති.

මඩකලපුවෙන් පස් දෙනෙක් ද, දිගාමඩුල්ලෙන් හත් දෙනෙක්ද, ත්‍රිකුණාමලයෙන් හතර දෙනෙක් ද, කුරුණෑගලින් 15 දෙනෙක් ද, පුත්තලමෙන් අට දෙනෙක් ද, අනුරාධපුරෙන් නව දෙනෙක් ද, පොලොන්නරුවෙන් පස් දෙනෙක් ද, බදුල්ලෙන් අට දෙනෙක් ද, මොණරාගලින් පස් දෙනෙක් ද, රත්නපුරෙන් 11 දෙනෙක් ද, කෑගල්ලෙන් නව දෙනෙක් ද ඡන්දයෙන් තේරී පත් වෙති.

ඉතිරි 29 දෙනා තේරී පත් වනුයේ ජාතික ලැයිස්තුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6293524804503833832

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item