විවාහ මංගල්‍ය උත්සවයේදී පොරෝ ප්‍රහාරයක්
සිය බිරිඳගේ පියා එල්ල කළ පොරෝ පහරකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මැදවච්චිය පුල්එළිය ප‍්‍රදේශයෙන් වාර්තාවනවා. ඊයේ (11) රාත‍්‍රීයේ මෙම ඝාතන...
https://www.sathhanda.com/2015/07/blog-post_171.html
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි තිදරු පියෙක්. ඝාතනය සිදුකළ පුද්ගලයා පූනෑව නාවික හමුදා කඳවුරේ සිවිල් සේවකයෙකු වන අතර ඔහු ඊයේ (11) රාත‍්‍රියේම මැදවච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගේ බාල දියණියගේ විවාහ මංගල්‍යය පවත්වා ඇත්තේ ඊයේ (11) දිනයේදියි. ඒ අතරතුර ඝාතනයට ලක්වු පුද්ගලයා ඔහුගේ බිරිඳට පහරදෙන අවස්ථාවේ සැකකරු මියගිය පුද්ගලයාට පොරෝවකින් පහර දී ඇති බව වාර්තාවේ.


Related