හැම නළුවෙක්‌ම මට හොද සහයෝගයක් දුන්නා - කිෂානි අලංකි
මම දැන් නීති උපදේශකවරියක් ජීවිතයේ වැඩි කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් කැපකරපු කිෂානි අලංකි ඔන්න ආපහු සුපුරුදු විදිහට කලා ක්‍ෂේත්‍රයේ වැඩපට...
https://www.sathhanda.com/2015/07/blog-post_683.html
ජීවිතයේ වැඩි කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් කැපකරපු කිෂානි අලංකි ඔන්න ආපහු සුපුරුදු විදිහට කලා ක්‍ෂේත්‍රයේ වැඩපටන් අරගෙන. ඇය නම් අපට කිව්වේ ඉගෙන ගත්ත දේවල් කවදාවත් අහක යන්නේ නැහැ කියලා. කොහොමින් කොහොමින් හරි කිෂානි රඟපාන වැඩේ අත්හැරලා ඕනෑ නම් නීති උපදේශකවරියක් විදිහටත් වැඩකරන්න පුළුවන්. කිෂානි රංගනය අතහැරලා නීති උපදේශකවරියක් වෙයිද?ඒ ගැන දැනගන්න නම් මේ කතාබහ කියවන්නම වෙනවා.
මෙච්චර කල් කෙහෙද ගිහින් හිටියේ ?
කොහෙවත් ගිහින් හිටියේ නැහැ. මම අවුරුදු කිහිපයක් වැඩභාරගත්තේ නැහැ.
ඇයි ඒ ?
මම නීති උපාධිය වෙනුවෙන් ජීවිතය කැපකළා. දැන් මම නීති උපාධිය අවසන් කරලයි ඉන්නේ.
කිෂානි දැන් නීතිඥවරියක්?
මගේ නීති උපාධියේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යටතේ ප්‍රායෝගිකව හැදෑරීමක් කළ යුතුයි. දැන් මට නීති උපදේශකවරියක් විදිහට සේවය කරන්න පුළුවන්.
ඉස්‌සරට අපට ඔයාව මුණගැසෙන්නේ නීති උපදේශකවරියක් විදිහටද?
මට එහෙම වැඩකරන්න පුළුවන්. නමුත් දැන් මට ඒකට වෙලාවක් නැහැ. මේ දිනවල මම කාර්ය බහුලයි.
කාලෙකට පස්‌සේ නේද ටෙලිනාට්‍ය දෙකකින් දකින්න ලැබෙන්නේ ?
ඇත්තටම ඔව්. මට ගොඩක් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණා. අධ්‍යාපන කටයුතු නිසා ඒවා භාරගන්න බැරිවුණා.
රන් දම්වැල් - නෙත්මි, මොණර කඩදාසි අප්සරාට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ඒ චරිත දෙකම භාරගත්තේ ඒ චරිතවලට මට හොඳ සාධාරණයක් ඉටුකරන්න පුළුවන් හින්දයි. මම හිතනවා ඒ චරිත දෙකම සාර්ථකයි කියලා.
කාලෙකට පස්‌සේ වැඩකරපු හින්දා මොකද හිතෙන්නේ ?
මට වෙනස්‌ම හැඟීමක් දැනෙනවා. කලා ක්‍ෂේත්‍රයේ අයත් එක්‌ක වැඩකරන්න ලැබීම මගේ ජීවිතයට ලොකු වෙනසක්. පසුගිය කාලයේ අධ්‍යාපන කටයුතු නිසා මගේ ජීවිතයට පොඩි ඒකාකාරී බවක් දැනුණා. ඒක නිසා අද මෙතැන වැඩකරන කොට ලොකු වෙනසක් දැනෙනවා.
ආපහු දිගටම වැඩකරන්නද සූදානම?
ඔව්. දැන් මගේ අධ්‍යාපන කටයුතු අවසන්. ඒක නිසා මම දිගටම වැඩකරන්න සූදානම්. දැනටමත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒවගේම නිවේදන කටයුතුවලටත් දායක වෙනවා.
ඉඳලා හිටලා වැඩකරලා මෙතැන
රැඳෙන්න පුළුවන්ද?
මට මගේ ජීවිතය වැදගත්. අධ්‍යාපන කටයුතු පැහැර හරින්න මම කිසිවෙලාවක සූදානම් නැහැ. මොන ක්‍ෂේත්‍රයක සේවය කළත් අධ්‍යාපනය වැදගත්.
අලංකි වෘත්තීය නිළියක් වෙන්න අකැමැතිද?
මම තවම ඒ ගැන හිතලා නැහැ. මම කලාවට ගොඩක් ආදරෙයි. ඒ වගේම මම මෙතැනට ආවේ අහම්බයෙන්. හැබැයි වෘත්තීය නිළියක් වෙනවාද නැතිද කියලා තවම තීරණයක් අරගෙන නැහැ.
පුංචි තිරයේ රඟපාන්න කැමැතිම නළුවා කවුද?
ඕනෑම චරිතයක් භාරගන්නකොට ඕනෑම නිළියෙක්, නළුවෙක් එක්‌ක වැඩකරන්න සූදානම් වෙන්න ඕනෑ. මම මේ වෙනකොට ජගත් චමිල, ජනත් වික්‍රමගේ, එරංග ජීවන්ත, නිරෝෂන් විඡේසිංහ, මේනක රාජපක්‍ෂ වැනි නළුවන් සමග වැඩකරලා තියෙනවා.
ඔවුන් අතුරින් වැඩකරන්න ලෙහෙසිම කවුද?
මට එහෙම විශේෂයක් නැහැ. මේ වෙනකම් රඟපෑ හැම නළුවෙක්‌ම මට හොඳ සහයෝගයක් දීලා තියෙනවා.
මේ දවස්‌වල ගෙදරින් මනමාලයෙක් හොයනවා කියන්නේ ඇත්තද?
අනේ නැහැ. කවුද ඔය බොරු කතාව කිව්වේ.
එතකොට කිෂානි පෙම්වතියක් නෙමෙයිද?
නැහැ. මම තවම පෙම්වතියක් නෙමෙයි.
දැන්ම පෙම් කරන්න අදහසක් නැතිද?
මට ගැලපෙන හොඳ කෙනෙක් ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා. මම මේ වෙනකම් ජීවිතය කැපකළේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.
ඒ වගේ යෝජනා ඇවිත් නැතිද ?
අනන්තවත් ආදර යෝජනා ඇවිත් තියෙනවා. නමුත් මට හිතෙනවා කසාදය කියන්නේ ලොකු වගකීමක්. ඒක ආවට ගියාට කරන්න බැහැනේ. ඒ හින්දා ජීවිතයේ වැදගත් තීරණයක් ගන්න කොට හදිසි වෙන්න ඕනෑ නැහැ. හරිකෙනා ලැබෙනකම් කසාදය ගැන හිතන්නේ නැහැ.
නළුවෙක්‌ගෙන් ආදර යෝජනාවක් ආවොත් ?
මට ගැලපෙනවා නම් නළුවෙක් වුණත්කමක් නැහැ.
දිනේෂ් විතාන


Related