අඩි උස සපත්තු ලෙඩ රැසකට මුල

විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්නෝ ද සිටිති. අපේ සිරුරේ අඩු සැලකුම් ලබන කොටසකි දෙපා. අ...

විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්නෝ ද සිටිති. අපේ සිරුරේ අඩු සැලකුම් ලබන කොටසකි දෙපා. අප මදකට හෝ කකුල් ගැන සිතන්නේ සපත්තු ගන්නට යන විටෙකදී පමණී. එවිටත් අපේ වැඩි සැළකිල්ල යොමු වන්නේ දෙපා වල සුව පහසුව ගැන නොව විලාසිතා පිළිබඳවය.


හැකිනම් අඩි උස සපත්තු පැළැඳීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. එමගින් වළලූ කරේත්, කලවාවලත්, මස්පිඩු වලත් අනවශ්‍ය තද වීමක් සිදු වේ. එය කොන්දේ කැක්කු, හිස කැක්කුම වැනි අමාරු රැසකටම මුල විය හැකිය. එමෙන්ම එනිසා ශ්‍රෝණි කුහරයේත් උදර කුහරයේත් තිබෙන සමහර අවයව වල පිහිටීම වෙනස් වීමට පවා ඉඩ ඇත.

අඩි උස සපත්තු පාවිච්චි කිරීමට අවශ්‍ය නම් අඟල් 2 ට වඩා උස අඩු ඒවා පමණක් තෝරා ගන්න. ඒවාත් දවසකට පැය 4- 5 කට වඩා පැළඳ ගෙන ඉන්න එපා. එමෙන්ම සතියකට දෙතුන් දවසකට වඩා අඩි උස සපත්තු දැමීම එතරම් හිතකර නොවේ.

අපේ එවැනි උණුසුම් කාළගුණයකට වඩාත් ගැළපෙන්නේ පැතලි අඩි සහිත සපත්තු සම් සෙරෙප්පු වැනි ඒවාය. ඒවා වඩා සුවපහසුය. ලාභදායකය. එමඟින් කකුල් ගඳ ගැසීම වළක්වා ගත හැක. දෙපයට වඩාත් ගැළපෙන සපත්තු තෝරා ගැනීමේදී පහත පියවර කිහිපය උපකාරී වෙයි.


  • සපත්තු මිළදී ගැනීමට යන විට සැම විටම හවස් වරුව ඊට තෝරා ගන්න. කකුල් වල දිග පළල වැඩිම මට්ටමක පවතින්නේ ඒ වෙලාවටය.
  • ඔබේ බරද සැළකිල්ලට ගත යුතුය. එනිසා සපත්තු ගන්න හැම විටම සිටගෙන බැලීමටද අමතක කරන්න එපා.
  • කකුලේ දිගම ඇඟිල්ලත්, සපත්තුවේ කෙළවරත් අතර අඟල් බාගයකවත් ඉඩක් තිබිය යුතුය
  • පැළඳගෙන පහසුවෙන් ඇවිදිය නොහැකි නම් සපත්තු ජෝඩුවක් කෙතරම් ලාබ හෝ ලස්සන වුවත් පලක් නොවේ. 
  • එනිසා සපත්තු තෝරා ගන්නට පෙර ටික දුරක් ඇවිද බලන්න.
  • සපත්තුවේ ඉදිරි කෙළවර රවුම් විය යුතු අතර එය කකුලේ හැඩයටම සමාන විය යුතුය. ඇඟිලි පහම අපහසුවක් නැතිවද දැමිය 
  • හැකි තරම් සපත්තු අඩි පළල් විය යුතුය.
  • ඔබට හැකිනම් සම් පාවහන් තෝරා ගන්න. ඒවායේ ඇති ඇඟිලි කුඩා සිදුරු නිසා දහදියත් බැක්ටීරියාවනුත් එක් රැස් වීම වැළකේ. දුඟද දමන දෙපාවලට මුල් වන්නේත් දවස පුරා හිර 
  • සපත්තු වල දෙපා ඔබා ගෙන සිටීමය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සුව අසපුව 5187459065844633813

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item