මෛත්‍රී කර හරි : නාමයෝජනා කමිටුවට බලය පවරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කලයුතු පුද්ගලයින්ගේ නාමලේඛන සැකසීමේ සියලු වගකීම් හා බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
https://www.sathhanda.com/2015/07/blog-post_19.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කලයුතු පුද්ගලයින්ගේ නාමලේඛන සැකසීමේ සියලු වගකීම් හා බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පක්ෂයේ නාමයෝජනා කමිටුව වෙත පවරා තිබේ.
සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, එස්.බි.දිසානායක, මහින්ද අමරවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න යන මහත්වරුන් නාමයෝජනා කමිටුවේ සාමාජිකයින් වේ.
ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණ ද එය හෙට දක්වා කල් දැමු බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සදහන් කළේය.
සන්ධානය නියෝජනය කරන පක්ෂ සමඟ තවදුරටත් නාම යෝජනා පිළිබද සාකච්ඡා කිරීමට සිදුවීම මීට හේතු වූ බවත්, සන්ධානයේ සියලූ පක්ෂවල ඉල්ලීම් ඉටු කිරීම පිළිබඳ දුෂ්කරතාවයන් පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත්, හෙට දිනය වන විට අවසන් නිගමනයකට එළඹීමට නියමිත අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිත බව ද අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මහින්ද කුරුණෑගලින් !
මේ අතර නාමයෝජනා කමිටුවේ සාමාජිකයකු පැවසුයේ, මහින්ද රාජපක්ෂ මහතාට කුරුණෑගලින් නාමයෝජනා ලබාදීමට තීරණය කර ඇති බවයි.
විමල් විරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ටද සන්ධානයෙන් නාමයෝජනා ලැබෙනු ඇතැයි ඔහු අවධාරණය කළේය.
කෙසේවුවද, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා හා සජින්වාස් ගුණවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා මතුව තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ජා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
තවද, අප කල විමසීමකදී සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පැවසුයේ, එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර පස් දෙනකුට හැර හිටපු සියලුම මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාදෙන බවයි.
අගමැති අපේක්ෂක :
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක කරන ලෙස ඉල්ලා සිටින සන්ධානයේ පක්ෂ නායකයන්ගේ හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
මෙහිදී මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සහ පවතින දේශපාලන වාතාවරණයන් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේය.

Related