මහින්දට නාමයෝජනා නොලැබෙන කතා පරාජයේ බියෙන් මුසපත් වූවන්ගේ පච ප්‍රචාර - මනූෂ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා ලබා දීම පිළිබඳ යම් අවිනිශ්චිතභාවයක් තිබේදැයි යන්න සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති මනූෂ නා...
https://www.sathhanda.com/2015/07/blog-post_31.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා ලබා දීම පිළිබඳ යම් අවිනිශ්චිතභාවයක් තිබේදැයි යන්න සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්‌කාර මහතාගෙන් අප කළ විමසීමකදී එකී ප්‍රචාර සියල්ල තුළ ඇත්තේ මහින්ද සාධකය සමඟ සන්ධානය තුළ මේ වන විට සිදුව තිබෙන ඒකරාශී වීම හමුවේ බියෙන් මුසපත්වූවන්ගේ පච ප්‍රචාර බව ඒ මහතා කියා සිටියේය.
මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා හිමි වීම ඇතුළු එජනිසයේ සියලු කටයුතු සන්ධනායේ පක්‍ෂවල එකඟතා මත සුපුරුදු පරිදි නියමිත ආකාරයෙන්ම සිදු වෙමින් තිබෙන් බවද මනූෂ නානායක්‌කාර මහතා අවධාරණය කළේය.
මේ මොහොතේ සන්ධානයේ එකමුතුව දැක මැතිවරණ භීතිකාවකින් පෙළෙන දේශපාලන ප්‍රතිවාදීන් මෙවන් කුමන්ත්‍රණකාරී ප්‍රචාරයන් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Related