ඉන්දීය මැදහත්වීමෙන් මෛත‍්‍රී රනිල් රහස් ගිවිසුමක !
මහින්ද පිල දේශපාලනයෙන් නෙරපා දැමීම සඳහා, මෛත‍්‍රී -රනිල් රහස් ගිවිසුමකට එළඹ ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ගවලින් වාර්තා ව...
https://www.sathhanda.com/2015/07/blog-post_194.html
මෙම එකඟතාව ඉන්දියානු රජයේ මැදිහත් වීමෙන් සිදුවී ඇති බවත් එම ආරංචිමාර්ග වලින් අනාවරණය වේ.
පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදු කළ විශේෂ ප‍්‍රකාශයද මේ එකඟතාවයන් අනුව සිදුව ඇත.
ජනාධිපතිවරයාගේ එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් පවා නොදැන සිටි නමුත් අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයකින් පසුවූ බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.
ශ‍්‍රී ලංකාව තුළ සිවිල් යුද තත්ත්වයක් ඇති නොවී පාලනයක් වෙනස් කිරීම වෙනුවෙන් බලය හුවමාරු කර ගැනීම හා එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බටහිර මැදහත්වීම සහ අනුගමනය කළ පිළිවෙත් මේ වන විට ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යයනයන්ට ද පාත‍්‍ර වෙමින් තිබෙන බවත් මේ අතර වාර්තා වේ.
කෙසේ නමුත් ඉන්දියාව මෙරට දේශපාලනය හැසිරවීම සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුව ද දැඩි විමසිල්ලෙන් පසුවේ.


Related