යහපාලන පෙරමුණට බාල්දියක්?ගිය රොත්තක් නවතී
චම්පික රණවකගේ මූලිකත්වයෙන් පිහිට වූ යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණ,සමග එක්වීමට ඊයේ (10) චින රාජිත සේනාරත්නගේ නිවසේහි සාකච්ඡා කළ පිරි...

https://www.sathhanda.com/2015/07/blog-post_217.html
චම්පික රණවකගේ මූලිකත්වයෙන් පිහිට වූ යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණ,සමග එක්වීමට ඊයේ (10) චින රාජිත සේනාරත්නගේ නිවසේහි සාකච්ඡා කළ පිරිසෙක් විශාල ප්‍රමාණයක් එම පිළ සමග එක් නොවීමට තීරණය කොට ඇත. ඒ අනුව ඊයේ නම් සදහන් කරන ලද දුමින්ද දිසානායක, පියසේන ගමගේ, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ, රෙජිනෝල්ඩ් කුරේ,විජය දහනායක, යන පිරිස් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ඇති බව වාර්තාවේ. එසේම නම් සදහන් කළ අර්ල් ගුණසේකර හා නියොමාල් පේරේරා නැවත ශ්‍රිලනිපය සමග එක්වන බවට තොරතුරු වාර්තාවේ.
සුදර්හ්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත්, රෙජිනෝල්ඩ් කුරේ මහතාත්, සරත් අමුන්නුගම මහතාත් පුවත්පත් සාකච්චා පවත්වමින් සදහන් කර සිටියේ ඔවුන් ශ්‍රීලනිප අත හැර නොයන බවය. දුමින්ද දිසානායක මහතා කලාවැව ශ්‍රීලනිප සංවිධායක දුරයද බාරගනු ලැබීය
කෙසෙ නමුත් ඉතිරි පිරිස හෙට දින එ.ජා.ප. සමඟ "අලියා" ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීම සදහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිත බවත් එය හෙට පෙ.ව. 10.00ට එය එජාප නායක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී සිදුකිරීමට නියමිත බවද වාර්තාවේ.
Related