චාලට් කුමරියගේ බෞතීස්ම මංගල්‍යය (ඡායාරූප)
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ දියණිය චාලට් කුමරිය බෞතීස්ම කිරීම දෙවන එලිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් නෝෆෝක්...
https://www.sathhanda.com/2015/07/blog-post_24.html
විලියම් කුමරු, කේට් කුමරිය, ජෝජ් කුමරු සහ චාලට් කුමරිය එකම පවුලක් ලෙස ප්‍රථම වරට එකවර පෙනී සිටියේද ඒ අවස්ථාවේදියි.
චාලට් කුමරිය වෙනුවෙන් ඥාන මවුපියෝ පස් දෙනෙක් ඇගේ දෙමව්පියන් විසින් නම් කර ඇති බවත් ඔවුන් කිසිවෙකුත් රජ පවුලේ සාමාජිකයන් නොවන බවත් වාර්තා වේ.
සැන්ඩ්‍රිගම් හි ශාන්ත මේරි මැග්ඩලීන් දෙව් මැදුරේදී පැවැත්වූ උත්සවයට එඩින්බරෝ ආදිපාදවරයා, චාල්ස් කුමරුගේ බිරිඳ වන, කෝන්වෙල් ආදිපාදවරිය මෙන්ම කේට් මිඩ්ල්ටන්ගේ සොහොයුරු සොහොයුරියන් වන පීපා මිඩ්ල්ටන් සහ ජේම්ස් මිඩ්ල්ටන්ද එක්විය.
සිය මිත්තණිය වන දෙවන එලිසබෙත් මහ රැජිණ මෙන්ම බ්‍රිතාන්‍යයේ අනාගත රජුන් වන චාල්ස්, විලියම් සහ ජෝජ් කුමරුන් ඉදිරියේ චාලට් කුමරිය බෞතීස්ම කිරීම සඳහා වික්ටෝරියා යුගයේ පටන් පැවතෙන දිය බඳුන සහ ජෝර්දාන ගංඟාවේ ජලය යොදා ගෙන ඇති බව වාර්තා වේ.
සාමාන්‍ය ජනතාවද බොහෝ දෙනෙකු මෙම අවස්ථාවට පැමිණ සිටි බව අදාළ වාර්තාවන්හි තවදුරටත් සඳහන් වේ.


Related