චීනය ඇමරිකාවේ ඇති ඕනෑම නිශ්චල දෙයක් හැක් කරනවා – හිලරි
ඇමරිකාවේ ඇති නොසෙල්වෙන ඕනෑම දෙයක් චීන හැකරුන්ගේ ප‍්‍රහාරයට ලක්වන බව ඇමරිකානු ඩිමොක‍්‍රටික් පක්‍ෂ ජනාධිපතිධුර අපේක්‍ෂිකා හිටපු රාජ්‍ය ලේකම්...
https://www.sathhanda.com/2015/07/blog-post_56.html
නිව් හැම්ප්ෂයර්හි පැවති ප‍්‍රචාරක වැඩසටහනක් අමතමින් ඇය පවසා ඇත්තේ චීනය විසින් ඇමරිකානු වාණිජ රහස්, රජයේ තොරතුරු ආදිය සොරකම් කරන බවයි.
චීනයේ හමුදා බලය වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවත් පිලිපීනය වැනි ඇමරිකාව හා එකගතා පවතින රාජ්‍යයන්ට චීනයේ බලපෑම එල්ල වන බවත් ඇය පවසා තිබේ.
තමන්ට එරෙහිව චීන රජය හා ආරක්‍ෂක අංශ විසින් පරිඝනක පදනම් කරගත් ප‍්‍රහාර එල්ල කරන බව වොෂින්ටනය විසින් වසර කිහිපයක් මුළුල්ලේ චෝදනා කර ඇත.
ඇමරිකානු සමාගම් සහ රාජ්‍ය ආයතනවල රහස් අත්පත් කරගැනීම සඳහා චීන හමුදාව විසින් මීට දශකයකට පමණ පෙර සිට සයිබර් යුධ තාක්‍ෂණය වර්ධනය කිරීම වෙත ප‍්‍රමුඛතාවය දුන් බව ඇමරිකාවේ අදහසයි.
2014 දෙසැම්බරයේදී චීන හැකරුන් විසින් පුද්ගල කළමණාකරණ කාර්යාලයේ පරිඝනක පද්ධතිය තුළට කඩා වැදී වත්මන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් මිලියන 4කගේ පමණ තොරතුරු දත්ත පැහැරගෙන ගොස් ඇති බව පසුගිය මාසයේදී ඇමරිකානු නිලධාරීන් විසින් චෝදනා කරන ලදී.
මේ පිළිබඳව ප‍්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ ඔප්පු කළ නොහැකි අසත්‍ය චෝදනා නගන ඇමරිකාවේ සයිබර් ප‍්‍රහාරයන්ට තමන් නිබඳවම ලක්වන බවයි.


Related