ක්‍රිකට් ගැටුම ගැන ක්‍රීඩකයන්ගේ ප්‍රතිචාර

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ අද (19) පැවැත්වුණු ශ්‍රී ලංකා පාකිස්තානු දිවා රාත්‍රී ක්‍රිකට් තරඟය අතරතුර දී ඇති වූ නොසන්සුන් තත්ත්වයට හේතුව, ...

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ අද (19) පැවැත්වුණු ශ්‍රී ලංකා පාකිස්තානු දිවා රාත්‍රී ක්‍රිකට් තරඟය අතරතුර දී ඇති වූ නොසන්සුන් තත්ත්වයට හේතුව, බීමත් පුද්ගලයින් දෙපිරිසක් අතර ගැටුමක් බවට වර්ධනය වීම බවයි පැවසෙන්නේ.

මෙහි දී ගල්මුල් සහ වීදුරු බෝතල් වීසිකරමින් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගැනීමක් සිදුව ඇති අතර එම ආසන්නයේ පන්දු රකිමින් සිටි පාකිස්තානු ක්‍රීඩකයෙකු ද ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බව වාර්තා වේ.

සිද්ධිය හේතුවෙන් තරඟය අතරමග නැවතූ අතර පසුව කැරළි මර්ධන ඒකක කැඳවා ගැටුමට සම්බන්ධ පිරිස් ඉවත් කර ඇති අතර පසුව ගත් තීරණයකට අනුව සියළුම ප්‍රේක්ෂකයින් පිටියෙන් ඉවත් කිරීම සිදු විය.

ඉන්පසුව නැවතත් තරඟය ආරම්භ කිරීමට තරඟ තීරකවරයා පියවර ගෙන ඇත.

මෙම සිදුවීම පිළිබඳ ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විවිධ පිරිස් ට්විටර් ගිණුම්හි අදහස් දක්වා තිබූයේ මෙලෙසින්.














මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4829199908972359030

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item