එතෆොන් යොදා ඉදවූ පලතුරු ආහාරයට ගැනීම අවදානම්
මෙරට විශ්වවිද්‍යාලයක දී මීයන් ඇසුරෙන් කළ පරීක්‌ෂණයක දී පලතුරු ඉදවීමට යොදාගන්නා එතෆොන්වල අහිතකර බලපෑම් අනාවරණය වේ මෑතක සිට පලතුරු ඉ...

https://www.sathhanda.com/2015/07/blog-post_246.html
මෙරට විශ්වවිද්‍යාලයක දී මීයන් ඇසුරෙන් කළ පරීක්‌ෂණයක දී පලතුරු ඉදවීමට යොදාගන්නා එතෆොන්වල අහිතකර බලපෑම් අනාවරණය වේ
මෑතක සිට පලතුරු ඉදීම වේගවත් කිරීම සඳහා වෙළෙඳුන් විසින් බහුලව යොදාගනු ලබන එත්රැල් (Ethral) හෙවත් එතෆොන් (Ethephon)වලින් ජීවී පටකවලට හානි ගෙන දීමේ සැලකිය යුතු අවදානමක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ දී සිදු කෙරුණු අධ්‍යයනයක දී අනාවරණය වී ඇත.
මීයන් යොදාගනිමින් මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ එම විශ්වවිද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශයේ ආචාර්ය දිනිති පීරිස් මහත්මිය සහ ඇය ගේ ශිෂ්‍යයකු වන ඩිල්හාන් චතුරංග විසිනි. (දිනිති පීරිස් මහත්මිය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ D අංශයේ දත්ත ප්‍රකාශක ලෙස ද කටයුතු කරන්නී ය).
මෙහි දී ඔවුන් විසින් මීයන් කාණ්‌ඩ 4කට වෙන් කොට දේහ බර කිලෝග්රෑමයකට එතෆොන් මිලිග්රෑම් ප්‍රමාණ 3ක් (100 mg/kg, 250 mg/kg, 500 mg/kg) ද, පාලක පරීක්‌ෂණය ලෙස ආසූත ජලය මිලිලීටර 1 බැගින් ද අඛණ්‌ඩව දින 90ක් ලබා දෙන ලදි. දින 90 අවසානයේ (91 වැනි දිනයේ දී) මීයන් ගේ මාංශපේශිවල ශක්‌තිමත් බව සහ සම්බන්ධීකරණය නිර්ණය කරන ලදි. තව ද සතුන් ගේ රුධිරයෙහි රතු රුධිරාණු ඇසිටයිල් කොලින් එස්‌ටරේස් (erythrocyte acetyl cholin esterase, මෙය පේශි සංකෝචනය සඳහා වැදගත් වේ) ඇලනින් ඇමයිනෝ ට්‍රාන්ස්‌ෆරේස් (Alanine amino transferase- ALT, මෙය ක්‍ෂීරපායින් ගේ අක්‌මාවට සිදු වන හානිය නිර්ණයට වැදගත් වේ.) සහ රුධිර සෛල පරාමිතීන් (රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්‌ටිකා සහ හිමොග්ලොබින් ප්‍රමාණයන්) නිර්ණය කරන ලදි.
මීට අමතරව ඔවුන් විසින් තවත් මීයන් කාණ්‌ඩ 2ක් හට දේහ බර කිලෝග්රෑම් 1කට මිලි ග්රෑම් 500 (500 mg/kg) ප්‍රමාණවලින් එතෆොaන් සහ පාලක පරීක්‌ෂණය ලෙස ආසූත ජලය මිලිලීටර් 1ක් දින 90ක් ලබා දී ඔවුන් යථා තත්ත්වයට පත් වීම නිරීක්‌ෂණය කිරීම සඳහා තව දින 28ක් කිසිදු මාත්‍රාවක් නො දී නිරීක්‌ෂණය කරන ලදි. දින 28ක් අවසානයේ දී (එනම් 29 වැනි දිනයේ දී) මීට පෙර සඳහන් කරන ලද සියලු ම පරීක්‌ෂණයන්ට ඔවුන් බඳුන් කරන ලදි.
මෙහි දී පර්යේෂකයනට පෙනී ගියේ දින 90ක් අඛණ්‌ඩ ව එතෆොaන් ලබා දෙන ලද මීයන් ගේ රතු රුධිරාණු ඇසිටයිල් කොලින් එස්‌ටරේස් මට්‌ටම සැලකිය යුතු ප්‍රමාණයකින් එනම් දේහ බර කිලෝග්රෑම් 1කට එතෆොන් මිලිග්රෑම් 100ක් ලබා දුන් මීයන් ගේ සියයට 6ක් ද, දේහ බර කිලෝග්රෑම් 1කට එතෆොන් මිලිග්රෑම් 250ක් ලබා දුන් මීයන් ගේ සියයට 10ක් ද, දේහ බර කිලෝග්රෑම් 1කට එතෆොන් මිලිග්රෑම් 500ක් ලබා දුන් මීයන් ගේ සියයට 16ක් ද ලෙස පහත වැටුණු ආකාරය ය. මීට අමතර ව යථා තත්ත්වයට පත් වීම නිර්ණය කිරීම සඳහා යොදාගත් මීයන් ගේ ද ඇසිටයිල් කොලින් එස්‌ටරේස් මට්‌ටම 15්‍රකින් අඩු විය. තව ද රුධිරයෙහි ALT ප්‍රමාණයන් 250/kg, 500 mg/kg ප්‍රමාණවලින් එතෆොන් ලබා දුන් කණ්‌ඩායම්වල සහ යථා තත්ත්වයට පත් වීම නිර්ණය කිරීම සඳහා යොදාගන්නා ලද කණ්‌ඩායමේ ද සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී තිබිණි. මෙය අක්‌මාව හානි වීම ඉඟි කරන්නකි. මීට සමාන්තර ව කණ්‌ඩායම් 4හි ම (100, 250, 500 mg/ kg එතෆොaන් ලබා දුන් කණ්‌ඩායම් 3 සහ යථා තත්ත්වයට පත් වීමට භාවිත කරන ලද 500mg/kg එතෆොන් ලබා දුන් කණ්‌ඩායම) අක්‌මා බර වැඩි විය. මෙය අක්‌මා ප්‍රදාහ තත්ත්වය ඉඟිs කරන්නකි.
ඉහත කරුණු සලකා බැලූ විට එතෆොන් විදින ලද පලතුරු නිරන්තරයෙන් ම ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇසිටයිල් කෝලීන් අඩු වී මාංශ පේශි සංකෝචනයන් හට බලපෑම් ඇති විය හැකි බව පර්යේෂකයෝ පවසති.
මේ ප්‍රතිඵල ඇසුරින් පර්යේෂකයන් යෝජනා කර සිටින්නේ පලතුරු ඉදීම සඳහා යොදාගන්නා එතෆොන් මාත්‍රාව සහ එය භාවිත කළ යුතු ආකාරය නීතිගත කිරීමෙන් අක්‍රමවත් එතෆොන් භාවිතය පාලනය කොට ජනතාව ආරක්‌ෂා කිරීම ඉතා වැදගත් වනු ඇති බව ය.
එතෆොන් ගස්‌ලබු, අඹ, කෙසෙල් ආදී විවිධ පලතුරු ඉදවාගැනීම සඳහා සුලබ ව භාවිත කෙරෙයි. එහෙත් මෙහි ඇති භයානකකම වනුයේ පලතුරු ඉදවීමේ දී එතෆොන් නියමිත මාත්‍රාවට වඩා අධික ප්‍රමාණයක් යොදාගැනීම ය. මෙහි දී වෙළෙන්දොa එතෆොන් දියරයෙහි පලතුරු බහා තබති. මේ හේතුවෙන් නිර්ණය කර ඇති මාත්‍රාවට වඩා අධික මාත්‍රාවකට පලතුරු නිරාවරණය වේ. තව ද ඇතැම් වෙළෙඳුන් විසින් පලතුරු ස්‌වාභාවික ව ඉදුණු බවට සනාථ කිරීම සඳහා පලතුරු උඩ අත්ල තබා එතෆොන් ඉසීම සිදු කෙරෙයි. එවිට පලතුරු ඉදෙන විට ස්‌වාභාවික ව ඉදුණු ආකාරයට ම තැනින් තැන කළු ලප හටගනී.
මෙලෙස එතෆොන් පලතුරු ඉදවීම සඳහා සුලබව භාවිත කෙරේ. පාරිභෝගිකයන් මේ පලතුරු නිරන්තරයෙන් ම ආහාරයට ගන්නා අතර එතෆොන් ශරීරගත වීමෙන් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔවුනට නැත.
Related