විනය කැඩූ අයට දඬුවම් දෙන්න, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට කැඳවීමට ජනපති අනුමැතිය දෙයි
පක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ එජනිස ලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත තිදෙනා ඊයේ(23) ජනාධිපතිවරයා හමු...
https://www.sathhanda.com/2015/07/blog-post_256.html?m=0
පක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ එජනිස ලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත තිදෙනා ඊයේ(23) ජනාධිපතිවරයා හමුවූහ. ඔවුන් සාධාරණ ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ වන විට පක්ෂයට පිටුපා ගොස් ඡන්දයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් පක්ෂයේ විනය කඩකර ඇති බැවින් ඔවුන් සඳහා විනය තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවිය යුතු බවයි. උදාහරණයක් වශයෙන් රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන ආදීන් වෙනත් පක්ෂයකින් මැතිවරණයට තරඟ කරන බැවින් ඔවුන් වෙනුවෙන් නීත්‍යාණුකූලව විනය තීන්දුවක් ගත යුතු බවත් ඒ සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම සඳහා මධ්‍යම කාරක සභාව කැඳවිය යුතු බව තිදෙනා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙන්වා දුන්හ.
සාකච්ඡාව අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාව කැඳවීමට අනුමැතිය දුන් අතර ලබන 30 වෙනිදා උදේ 8 ට ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේදී රැස්වීම කැඳවීමට තීන්දු කෙරිණ.


Related