ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යාමට අත්සන්
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින අත්සන් මිලියනයක් ලබාගැනීමේ වැඩසටහන, මැලේසි...
https://www.sathhanda.com/2015/07/blog-post_280.html
දෙමළ ජනතාව ජීවත් වන සෑම රටකම අන්තර් ජාලය මගින් සහ ඍජුවම ආරම්භ කර ඇති මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන, මැලේසියව සහ සංගප්පූරුව යන රටවල ක්‍රියාත්මක කර ඇත. දෙමළ තරුණ සංවිධානයේ සිංගප්පුරුවේ නියෝජිතයින් විසින් එහි ජනතාවගෙන් ඍජුවම අත්සන් ලබාගෙන ඇති අතර, අන්තර් ජාලය මගින්දි අත්සන් ලබාගෙන ඇත.
එමෙන්ම, නාම් තමිලර් පක්‍ෂයේ මැලේසියාවේ ශාඛාව දැඩි ප්‍රචාරක වැඩපිළිවෙලක නිරතවී ඇති අවස්ථාවකදි, මැලේසියාවේ බොහෝ දෙමළ පුවත් පත්වල, මෙම වැඩසටහන විශේෂ පුවතක් ලෙසට පත්වී ඇති බව දැනගැනීමට ලැබී ඇත. මෙවැනි පසුබිමකදි, තමිල්නාඩුවේ ප්‍රසිද්ධ සිනමා නළුවන් මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සහභාගි වී සහයෝගය දක්වමින් සිටියි. සිනමා නළු සිම්බු සහ සංගීත අධ්‍යක්‍ෂක ජී.වී. ප්‍රකාෂ්කුමාර් යන දෙදෙනා සහභාගි වී සහයෝගය දක්වමින් සිටියි.


Related