වත්මන් නායකයන් මට මොනවා කළත් මට ජනතාව විශ්වාසයි - හිටපු ජනපති

ජනතා හදවත්වලින් අපිව ඈත් කරන්න අපිට විරුද්ධව විවිධ බොරු චෝදනා නගනවා. අපහාස කරනවා. නින්දා කරනවා. බොරු කියනවා. රටේ වත්මන් නායකයෝ මට මොනවා කළත්...

ජනතා හදවත්වලින් අපිව ඈත් කරන්න අපිට විරුද්ධව විවිධ බොරු චෝදනා නගනවා. අපහාස කරනවා. නින්දා කරනවා. බොරු කියනවා. රටේ වත්මන් නායකයෝ මට මොනවා කළත්, මම ගැන මොනවා කිව්වත් මට ඔබ ගැන විශ්වාසයැ”යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝමාගම පිටිපනදී පැවසීය.

හෝමාගම පිටිපන උත්තරාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ යුද්ධයෙන් මියගිය රණවිරුවන්ට පින් පැමිණවීම, යුද්ධයට සහභාගි වූ රණවිරුවන්ට හා ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමත්, සියලු රටවැසියන්ට, ශාන්තියක් උදාකිරීමේ අරමුණින් පැවැත්වූ බෝධි පූජා හා ආශිර්වාද පින්කමට සහභාගි වෙමින් පසුගිය (17) දා සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසීය.
පිටිපන උත්තරාරාම විහාරස්ථානයේ විහාරාධිපති මාදුලාවේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ජනක වැලිවත්ත, හෝමාගම “අපි ශ්‍රී ලංකා” සංවිධානය ඇතුළු උත්තරාරාම විහාරස්ථ දායක සභාව මෙම පින්කම සංවිධානය කර තිබුණි.

විහාරස්ථානයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විහාරස්ථානයේ අනුහස් සහිත බෝධියට මල්පහන්, සුව¼ඳ දුම්, දැහැත් ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව විශේෂ බෝධි පූජා පින්කමක් පැවැත්වීය. බෝධි පූජාව අතුරුගිරිය සීවලී අසපුවේ විහාරාධිපති පූජ්‍ය පදලංගල ධම්මදේව හිමියෝ මෙහෙයවූහ.

බෝධි පූජා පින්කමෙන් අනතුරුව විහාරස්ථ ධර්ම ශාලාවේ සංවිධානය කර තිබූ ජය පිරිත් සජ්ඣායනාවට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූයේ ය.

මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූ දහස් සංඛ්‍යාත පිරිස අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
මම ඉතා සන්තෝෂයෙන් මෙම රණවිරු සැමරුම පින්කමට සහභාගි වෙනවා. රණවිරු සතිය ආරම්භකරන වෙලාවේ, මියගිය රණවිරුවන්ට පින් පිණිස ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමට, තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට උරදුන් සැමට කෘතගුණ සලකන්න මෙම පින්කම සංවිධානය කිරීම ගැනත් මට ලොකු සතුටක් තියෙනවා. මෙම රණවිරු පින්කම සංවිධානය කළ සැමට මගේ ගෞරවය පුද කරනවා.

රටේ පැවති තිස් අවුරුදු යුද්ධය අපි කළේ ඇමෙරිකාවේ සී. අයි. ඒ. සංවිධානය පවා ලෝකයේ කුරිරුම ත්‍රස්ත සංවිධානය ලෙස හැඳින් වූ එල්ටීටීඊයත් සමගයි. යුද්ධය නවත්වන්න බෑ, එය පරාජය කරන්නත් බැහැ කියලා තීන්දු, තීරණ අරගෙන රට දෙකඩ කරලා ඉරක් ගහලා එක පැත්තක් ප්‍රභාකරන්ට පාලනය කරන්න දීලා ඊළඟ කොටස “නෝ මෑන් ඒරියා” කියලා කාගෙවත් පාලනයක් නැති නිදහස් ප්‍රදේශයක් ලෙස නම් කරලා, ඊට මෙහා පැත්තෙ අපි පාලනය කළා. මුදා නොගත් ප්‍රදේශ කියලා අර පැත්ත හැඳින්වූවා. මම පාලනය භාර ගන්නකොට රට දෙකඩ කරලා තිබුණේ එහෙමයි.

අද සමහර තරුණයන්ට, දරුවන්ට මතක නැති වුණාට අපේ අම්මලා, තාත්තලා දන්නවා දරුවන් පාසලට ගියාම ඉස්සර පාසල ළඟ මුර කරන්න ඕනෑ. අම්මලා, තාත්තලා දරුවන්ට එකට ගමනක්, බිමනක් යන්න බැහැ. තැන තැන බෝම්බ පුපුරනවා. මට මතකයි කැබිතිගොල්ලෑව බස් බෝම්බය පුපුරපු වෙලාවේ මම හිටියේ ආරක්ෂක රැස්වීමේ. රැස්වීම අතරමග නවත්තලා මම කිව්වා මට දැන් එතනට යන්න ඕන කියලා. බෝම්බයෙන් මියගිය දරුවන්ගේ, අහිංසක නිරායුධ මිනිසුන්ගේ මිනීවල උණුසුම යන්න පෙර මම එතනට ගියේ මගේ ආරක්ෂකයෝ මට යන්න එපා කියලා කියද්දී. නමුත් මම එතැනට ගියා.

ඒ වෙලාවේ තාත්තෙක් බෝම්බෙන් මියගිය පුංචි දරුවෙක් වඩාගෙන අඬ අඬා මගේ ළඟට ගෙනල්ලා, මට පෙන්නලා අහනවා “මේක ද මහින්ද චින්තනය කියලා. අනේ ජනාධිපතිතුමා අපේ දරුවෝ ආරක්ෂා කරලා දෙන්න. තවත් අහිංසක දරුවන්ට මේ වගේ මැරෙන්න දෙන්න එපා කියලා.” ඒ තාත්තා අඬ අඬා මගෙන් ඉල්ලීමක් කළා.

අපි යුද්ධ කරලා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගෙන ජනතාවට අභය දානය දුන්නා. රටට නිදහස ගෙනාවා. මේ සඳහා වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. සමහරුන්ගේ අත්, පා, ඇස්, කන් අහිමි වුණා. අහිංසක දෙමළ, මුස්ලිම් ජනතාවත් ජීවිත පූජා කළා. වසර දහනවයක් තිස්සේ යාපනයෙන් එළවලා තිබුණ මුස්ලිම් ජනතාව, නැගෙනහිර පළාත්වලින් එළවලා තිබුණ මුස්ලිම් ජනතාව, අපේ රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා, උතුරු නැගෙනහිර මුස්ලිම් හා දෙමළ ජාතිකයන්ට එම ප්‍රදේශවල නිදහසේ ජීවත් වෙන්න පරිසරය සකස් කරලා දුන්නා. එහෙම ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට අද චෝදනා කරනවා යුද්ධයට නායකත්වය දුන්න අයට චෝදනා එල්ල කරනවා.

ජාත්‍යන්තර පරීක්ෂණ, පරීක්ෂකයෝ ගෙනල්ලා, පරීක්ෂණ පවත්වලා, ඒ අනුව කටයුතු කරමින් දඬුවම් දෙන්න සූදානම් වෙනවා. මේවා ගැන හිතන්න වෙනවා. මේ යුගය ගැන මම කතා කරන්න යන්නේ නැහැ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, නීතිඥ ජනක වැලිවත්ත යන මහත්වරු කතා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් ප්‍රමුඛ මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතනවල සභාපතිවරු, මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ හා දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

දේශපාලන 2593129621139029548

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item