ඔබව වඩාත් සතුටින් තැබීමට හැකි බව සනාත වී තිබෙන ආහාරයන්.
නිවිති ඇමෙරිකානු කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව විසින් කරන ලද පර්යේෂණයකින් සනාත වී තිබෙනවා සෑම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් මැග්නීසියම...
https://www.sathhanda.com/2015/07/blog-post_9.html
නිවිති
ඇමෙරිකානු කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව විසින් කරන ලද පර්යේෂණයකින් සනාත වී තිබෙනවා සෑම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් මැග්නීසියම් ඌනතාවයෙන් පෙලෙන බව. නමුත් නිවිති වල එම වටිනා ඛනිජ වර්ගය යහමින් අන්තර්ගත වෙන බව ඔබ දන්නවාද ? මැග්නීසියම් කියන ඛනිජ වර්ගය සෙරොටොනින් කියන හොමනයේ සංවර්ධනය සදහා ඉතාමත්ම වැදගත් වෙනවා. ඒවගේම මැග්නීසියම් ඌනතාවය හේතුවෙන් මානසික අවපීඩනය, සාංකාව, නිදාගන්නට බැරිකම සහ බලවත් වෙහෙස කියන රෝගී තත්වයන් ඇතිවීමට හැකියාව තිබෙනවා.කඩල
මනෝභාවය (mood)කෙරෙහි බලපාන (serotonin,norepinephrine) කියන හෝමනයන් නිපදවීම සදහා ශරීරයට උදව් වෙන (විටමින් බී6) කඩල වල යහමින් අන්තර්ගත වෙන බව ඇතැම් විට ඔබ නොදන්නවා ඇති. තවද විටමින් බී6 ඌනතාවය බරපතල ලෙස පැවතීම හේතුවෙන් , ස්නායු කම්පනය සහ මානසික අවපීඩනය කියන තත්වයන් ඇතිවීමටද හැකියාවක් තිබෙනවා.කජු
කජු වල යහමින් අන්තර්ගත (සින්ක්)මානසික අවපීඩනයේ වූ රෝගී ලක්ෂණයන් අවම කිරීමට සමත් බව සොයාගන තිබෙනවා. තවද සින්ක් කියන ඛනිජ වර්ගය විශාදනාශකයක් ලෙසද ක‍්‍රියාකරනු ලබනවා. ඉහත සදහන් කරන ලද එම වැදගත් වූ හේතුන් නිසාවෙන් තමයි කජු අනුභව කිරීමට ඔබ පුරුදු විය යුත්තේ.අලිගැටපේර
සතුටු හෝමනය ලෙස නම් දරා සිටින (සෙරොටොනින්)අලිගැටපෙර වල අන්තර්ගත බව ඔබ දන්නවාද ? එම සතුටු හෝමනය අන්තර්ගත මෙම මිහිරි පලතුර අනුභව කිරීමෙන් ඔබේ සිත නිරායාසයෙන්ම ප‍්‍රීතිමත් එකක් බවට පත්වෙනවා. තවද හිසකෙස් , නිය සහ සමටද එය වඩාත් හිතකර වෙනවා. දෙදාි ේජඑදරහ ල දෙදාි ක්ඉැකකළු චොකලට්
මස්පිඩු සන්සුන් කිරීමට සහ සාංකාව කියන තත්වය අවම කිරීමට සමත් මැග්නීසියම් කියන ඛනිජ වර්ගය කළු චොකලට් වල යහමින් පවතිනවා. තවද මානසික අවපීඩනය අවම කරන (tryptophan) ද කළු චෝකලට් වල අන්තර්ගත වෙන බව හොදින් මතක තබා ගන්න.වඩාත් සතුටින් යුතුව දිවිගෙවීමට හැකියාව ලබාදෙන මෙම ආහාරයන් පිලිබදව සැවොම දැනුවත් කරන්න කරුණාකර මෙම ලිපිය Share කරන්න.


Related