මහින්ද ඝාතන තැතක් …?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකිරීම මගින් ඔහුගේ ජීවිතය බිල්ලට දීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකිරීම මගින් ඔහුගේ ජීවිතය බිල්ලට දීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

එතුමාට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇත්තේ දේශපාලන අවශ්‍යතා මත නොව බුද්ධි අංශ වාර්තා මගින් එතුමාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව පෙන්වාදීම නිසා බව මුසම්මිල් මහතා කියා සිටියේ අද (20)කොළඹ පිහිටි මානව හිමිකම් කාර්යාලයට පැමිණ විරෝධතාවක් ගොනු කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුට හිමි පහසුකම් හා වරප්‍රසාද සහිතව වන බැවින් සෙසු අපේක්ෂකයින්ට එමගින් අවාසියක් වන බව පවසා පසුගියදා ජවිපෙ විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර අද දිනයේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්,නීතිඥ කපිල ගමගේ යන අය එම පැමිණිල්ලට එරෙහිව විරෝධතාවක් ගොනු කරන ලදී.

රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමෙන් අපේක්ෂා කරනුයේ එතුමා ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීම වන බවත්, දේශපාලන වශයෙන් එතුමාට මුහුණදීමට පවත්නා නොහැකියාව හේතුවෙන් මෙවැනි කුමන්ත්‍රණ සිදුකරන බවත් මුසම්මිල් මහතා අවධාරණය කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද මේවන විට මැතිවරණයට තරඟකරනුයේ ‍ෆීල්ඩ් මාර්ෂල් ධූරයට හිමි කැබිනට් ඇමතිවරයෙකුගේ තරම් වරප්‍රසාද සහිතව බවත්, තමන් ඊට එරෙහි නොවන්නේ එතුමාටද ජීවිත තර්ජන ඇතැයි සැලකිය හැකි බැවින් යයි ඔහු සඳහන් කළේය.

පෝස්ටර්වල ‘හෘද සාක්ෂිය’ක් ගැන සඳහන් කරමින් තිබුණද ජවිපෙට සැබෑ හෘද සාක්ෂියක් නොමැති බව මෙවැනි ක්‍රියා මගින් පැහැදිලි වන බවත්,මේ ආකාරයේ පහත් නින්දිත දේශපාලනයක නියැළෙන්නට එපා යයි තමන් ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5086088167980611937

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item