හෙළ උරුමය බුද්ධාගමත් සිංහල ජාතියත් විකුණගෙන කනවා - දේශ විමුක්‌ති ජනතා පක්‍ෂය කියයි

ජාතිවාදය හා ආගම්වාදය අවුස්‌සමින් මේ රටේ මුල් බැසගත් ප්‍රධාන ආගම හා ජාතිය වන බුද්ධාගමත්, සිංහල ජනතාවත් විකුණාකමින් තම පටු දේශපාලන අරමුණු ඉ...

ජාතිවාදය හා ආගම්වාදය අවුස්‌සමින් මේ රටේ මුල් බැසගත් ප්‍රධාන ආගම හා ජාතිය වන බුද්ධාගමත්, සිංහල ජනතාවත් විකුණාකමින් තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට හෙළ උරුමය මුල පටන්ම උත්සාහ දැරූ බව කියමින් දේශ විමුක්‌ති ජනතා පක්‍ෂය නිවේදනයක්‌ නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ජාතික හෙළ උරුමය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉල්ලා අස්‌වී වෙනම පෙරමුණකින් මහ මැතිවරණයට ඉදිරිපත්වී තම ශක්‌තිය පෙන්වන බව ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව අපි ඒ කණ්‌ඩායමට පළමු කොට සුබ පතමු. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ඇතුළත් බහුතර පක්‍ෂ වාමවාදී ප්‍රගතිශීලී සමාජවාදී දේශපාලන පක්‍ෂ වේ. යාදෙක නොරතරථ සමඟ පෑහීමක්‌ නැත" යන කියමනේ විදියට හෙළ උරුමය ආරම්භයේ පටන්ම වෙන්ව සිටියානම් ඉතාම හොඳය. ජාතිවාදය හා ආගම්වාදය අවුස්‌සමින් මේ රටේ මුල්බැසගත් ප්‍රධාන ආගම හා ජාතිය වන බුද්ධාගමත්, සිංහල ජනතාවත් විකුණාකමින් තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට හෙළ උරුමය මුල පටන්ම උත්සාහ දැරුවේය.

මේ රටේ දේශ හිතෛෂී ජනනායකයන් වන අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර, තිලක්‌ කරුණාරත්න වැනි අය දේශපාලන භූමිකාවෙන් අතුගා දැම්මේ මේ අයයි. මේ රටේ සැදැහැවත් බොදු මහජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේලා වන කොළොන්නාවේ සුමංගල අනුනාහිමි, උඩුවේ ධම්මාලෝක හිමි, කොටපොල අමරකිත්ති හිමි වැනි ගරුතර ස්‌වාමීන් වහන්සේලා තම දේශපාලන අවශ්‍යතා සඳහා පාවිච්චි කොට පසෙකට තල්ලු කළහ. ඊට වඩා භයානකම පිළිකුල් සහගතම කාරණය වන්නේ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ උතුම් සංකේත වන බෞද්ධ කොඩිය, පන්සල, ධාතු කරඬුව, ධර්ම චක්‍රය, හක්‌ගෙඩිය බඳු පූජනීය වස්‌තු හා පාරමිතා පෙරහැර ආදී උතුම් බෞද්ධ සාරධර්ම ඇතුළත් වචන පාවිච්චි කරමින් තම දේශපාලන න්‍යාය ගලපා ගැනීමයි.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, ජාතික අනන්‍යතාවය, සිංහලයන්ගේ උරුමය ආදී වචන කියමින් රට ජාතිය පාවා දෙන්නවුන් සමඟ ඒ සඳහා ගිවිසුම් ගහපු අය සමඟ මෑත කාලයෙහි ආණ්‌ඩු පිහිටුවා ගැනීමට පවා මුක්‌කු ගැසුවේද මේ ඊනියා දේශප්‍රේමීන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1195214059316860607

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item