කලාභවනේ මිනී තැන්පත් කිරීම නවතනු
කලාභවන යනු චිත‍්‍ර ප‍්‍රදර්ශනාගාරයක් මිස කලාකරුවන්ගේ මිනී තැන්පත් කිරීමට හදන ලද මෘතදේහ ප‍්‍රදර්ශනාගාරයක් නොවේ. මෙය සාදන ලද්දේ ක‍්‍රි.ව. 189...

https://www.sathhanda.com/2015/07/blog-post_402.html
කලාභවන රජයට අයත් ගොඩනැගිල්ලක් නොවේ. එය පෞද්ගලික ඉඩමකි. 1891දී මුදලිඳු ඒ.සී.ජී.එස්. අමරසේකර, මහාචාර්ය ගුණපාල මලලසේකර, ජේඞීඒ පෙරේරා වැනි කලාකරුවන් හා උගතුන් පිරිසක් එක්ව ලංකා කලා සංගමය පිහිටුවා ගන්නා ලදි. ඉන්පසු චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වීමට හා ස්ථිර කලාගාරයක් ලෙස කලාභවන ඉදිකළේ කලා සංගමයේ සාමාජිකයන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙනි. කලක් ගතවෙද්දී මෙහි නිර්මාතෘවරුන් මියපරලොව යද්දී කලා සංගමය කෙමෙන් දුර්වල වන්නට විය. ඒ නිිසා එය පවත්වා ගැනීමට නොහැකිව රජයට පවරා දෙන ලදි. එම පැවරීමේ එක් කොන්දේසියක් වන්නේ කලා සංගමයට එහි ගොඩනැගිල්ලක ඉඩ ප‍්‍රමාණයක් දිය යුතු බවයි. අදත් එම සංගමයේ කාර්යාලය ඇත්තේ කලාභවනේය.
එදා මෙදා තුර ශ‍්‍රී ලංකාවේ සිටින චිත‍්‍ර ශිල්පීන්ට පාසල් සිසුන්ට චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වීමට තිබුණු එකම තැන කලාභවනයි. මෙහි පූර්ණ අයිතිය ඇත්තේ චිත‍්‍ර කලාවට හා චිත‍්‍ර කලාකරුවන්ටයි. ඒත් අද එහි මෘතශරීර තැන්පත් කරන්නේ චිත‍්‍ර ශිල්පීන්ගේ නොව නාට්‍ය සංගීත චිත‍්‍රපට කලාකරුවන්ගේය. කිසිම චිත‍්‍ර ශිල්පියකුගේ මෘතදේහයක් මෙහි තැන්පත් කර නැත. ඊට හේතුව මෙම ක‍්‍රියාව ගැන දැඩිව කලකිරීමට පත්ව සිටින චිත‍්‍ර කලාකරුවන් කල් තබාම තම මළසිරුර කලාභවනට ගෙන නොයන ලෙස ඉල්ලීම් කර තිබෙන නිසාය. ජාතික කොඩිය නිර්මාණය කළ මහා චිත‍්‍ර කලාකරුවා වන එස්.පී. චාල්ස් මහතා මළසිරුර කලාභවනට ගෙන නොයන ලෙස ප‍්‍රසිද්ධියේ ඉල්ලීමක් කර තිබුණි. ඉන්නට ගෙයක්වත් නොතිබී කුලී ගෙයක සිටි එතුමාගේ දේහය තිබුණේ මල්ශාලාවකය.
අනෙක මෙතෙක් ඉතිහාසයේ පැවති කිසිම රජයක් විසින් ලංකාවේ කිසිම තැනක චිත‍්‍ර ප‍්‍රදර්ශන සඳහා කිසිදු කලාගාරයක් ඉදිකර නැත. ඇති එකම ස්ථානය කලාභවන පමණි. එයද රජයකින් කළ එකක් නොවේ. කිසිම රජයක් චිත‍්‍ර කලාව වෙනුවෙන් කළ දෙයක් නැත. නාට්‍ය රංග ශාලා-වේදිකා චිත‍්‍රපට ශාලා ඉදිකළත් කිසිම තැනක චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වීමට කලාගාරයක් ඉදිකර නැත. එවන් පසුබිමක කලාභවන වෙනත් කලාකරුවන්ගේ මළමිනී තැන්පත් කිරීමට රජයකට හෝ වෙනත් අයකුට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.
ඒ සඳහා රජය විසින් වෙනත් ස්ථානයක් සකසා දිය යුතුය. නෙළුම් පොකුණ රඟහල හෝ වෙනත් එවන් ස්ථානයක හෝ නිදහස් මන්දිරයේ හෝ කොළඹ නගර සභාවේ හෝ කිසියම් ස්ථානයක් මේ සඳහා වෙන්කළ යුතුය. එයාට කලාභවන පාවිච්චි කිරීම ගැන මේ රටේ සිටින සියලූම චිත‍්‍ර කලාකරුවන්ගේ දැඩි විරෝධයක් මෙන්ම දැඩි කලකිරීමක් තිබෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.
මා ශ‍්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන විටද මෙම ප‍්‍රශ්නය පැන නැගුණි. ඒ සඳහා සැලැස්මක්ද අපි පිළියෙල කළෙමු. කලාභවනට යාබද භූමියේ කලා මණ්ඩල කාර්යාලයට තට්ටු හයකින් යුතුව ඉදිකිරීමටත් එහි බිම්මහල කලාකරුවන් සඳහා අනුස්මරණ ශාලාවක් ලෙස භාවිත කිරීමටත් හැකිවන සේ එම සැලැස්ම සැකසූ නමුත් එය අද වන තෙක් ක‍්‍රියාවට නැගුණේ නැත.
ඒ සඳහා මා සිත යොමුවූ අනුවේදනීය කරුණක්ද ඇත. එක් දිනක කලාභවනේ ශාලා දෙකේම කොළඹ බාලිකා විදුහලක ළමා චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වුණි. ඒ අතර ප‍්‍රකට නාට්‍ය කලාකරුවකුගේ මරණය සිදුවුණි. එම මළසිරුර ගෙන ඒමට අවශ්‍ය නිසා චිත‍්‍ර ප‍්‍රදර්ශනය නවතා දමන ලෙස අවමංගල කමිටුව (සංස්කෘතික දෙපාර්තමේන්තුව නොවේ) එම පාසලට දන්වා තිබුණි. චිත‍්‍ර ඉදිරිපත් කළ දරුවන් හා ගුරුවරියන් අඬමින් විත් මේ බව මා වෙත පවසන ලදි. කලාකරුවකුගේ මරණයක් වෙනුවෙන් කුඩා දරුවන් සිය ගණනකගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් නවතා දැමීම අපරාධයක් බව මට දැනුණි. මම වහාම ඊට එරෙහිවී එම දේහය ජෝන් ද සිල්වා රඟහලට හෝ ටවර් රඟහලට ගෙන යන ලෙස දැනුම් දුනිමි. එහෙත් ප‍්‍රශ්නය ඉහළට ගොස් අමාත්‍යාංශය හා ඇමතිවරයාද අසරණ වී එයට මැදිහත් නොවන ලෙස මගෙන් ඉල්ලා සිටින ලදි. ඒත් දරුවන්ගේ ප‍්‍රදර්ශනය නවතා දමන්නට මා ඉඩ දුන්නේම නැත. අවසානයේ ස්ථිර ප‍්‍රදර්ශනාගාරයේ චිත‍්‍ර සියල්ල ගලවා එහි මෘතදේහය තැන්පත් කෙරුණි. ලෝකයේ කිසිම කලාගාරයක චිත‍්‍ර ගලවා මෘතදේහ තැන්පත් කිරීමක් ගැන මා අසා නැත. මෙය අප රටේ බරපතළ ඛේදවාචකයක් ලෙස මම සලකමි.
දැන්වත් මෙම ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නම් මැනවැයි චිත‍්‍ර කලාකරුවෝ බලාගෙන සිටිති.
චාල්ස් දයානන්ද
Related