අගමැති පත් කරන්න ජනපතිට බෑ. මෛත්‍රීගේ ප්‍රකාශය ව්‍යවස්ථා විරෝධීයි - සතත් එන් සිල්වා

රටේ අගමැතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථානුකූලව අවශ්‍ය වන්නේ බහුතර මන්ත්‍රීන්ගේ ප්‍රසාදය දිනා ගැනීම පමණක් බවත් එහිදී ජනාධිපතිවරයාගේ අභිමතය අව...

රටේ අගමැතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථානුකූලව අවශ්‍ය වන්නේ බහුතර මන්ත්‍රීන්ගේ ප්‍රසාදය දිනා ගැනීම පමණක් බවත් එහිදී ජනාධිපතිවරයාගේ අභිමතය අවශ්‍ය නොවන බවත් හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසයි. ඒ අනුව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයෙන් පසුව අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි වන ප්‍රකාශයක් බවද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය.

අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා සඳහන් කළේ මෙරට ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට පත් වන මන්ත්‍රීවරුන් ගේ බහුතර ප්‍රසාදය හිමි තැනැත්තා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත යුතු වන අතර එය ජනාධිපතිවරයා සතු කාර්යභාරයක් බවය. එහෙත් පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට අදහසක් තමා තුළ නොමැති බව ප්‍රකාශ කළද ඔහුගේ අදහස හෝ අභිමතය අගමැතිවරයා පත්කිරීමේදී අත්‍යවශ්‍ය කරුණක් නොවන බව පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුත්තේ කවුරුන්ද යන්න නිර්දේශ කළ විට ජනාධිපතිවරයාට එම පුද්ගලයා අදාළ තනතුරට පත්කිරීමට සිදුවන බවද සඳහන් කළේය.

එමෙන්ම සරත් එන් ද සිල්වා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයෙන් පසුද වැරදි පූර්වාදර්ශයක් ලබා දුන් බවය.

‘ජනාධිපතිවරයා දිවුරුම් දී තිබෙන්නේ ව්‍යවස්ථාව සුරැකීමටයි. නමුත් එතුමා දිවුරුම් දීල පාර්ලිමේන්තුවේ බහුතරය නැති පක්ෂයක පුද්ගලයකු අගමැතිවරයා ලෙස පත් කළා. එයත් ව්‍යවස්ථා විරෝධි කටයුත්තක්. ජනාධිපතිවරයාට අවශ්‍ය වුණේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට වඩා බලයට පත්වීම සඳහා උදව් කළ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති ගිවිසුම ආරක්ෂා කිරීමටයි. එය ප්‍රජාතන්ත්‍රවාදී රටකට සුදුසු ලක්ෂණයක් නොවෙයි’ යැයිද සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 877504928224981485

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item