මිරිහානෙදී අත්අඩංගුවට පත් සුදු වෑන් එකේ අංකය හොර එකක්, පිරිස උසාවියට [PHOTOS]

මිරිහාන පොලිස් ක්‍රීඩාංගනය අසල දී පෙරදින රාත්‍රියේ අත්අඩංගුවට ගත් සුදු පැහැ රියේ තිබී මිලිමීටර් 9 සහ උණ්ඩ 13 සොයා ගත් බවත්, එහි සිටි ති...

මිරිහාන පොලිස් ක්‍රීඩාංගනය අසල දී පෙරදින රාත්‍රියේ අත්අඩංගුවට ගත් සුදු පැහැ රියේ තිබී මිලිමීටර් 9 සහ උණ්ඩ 13 සොයා ගත් බවත්, එහි සිටි තිදෙනාගෙන් අයකු කමාණ්ඩෝ බළකායේ සෙබළකු බවත්, අනෙක් දෙදෙනා පාබල හමුදාවේ බවත් පොලිසිය කියයි.

එම රියේ අංකය වැරදි බව සඳහන් කරන පොලිසිය ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් ඇප මත මුදා හරිනු ලැබීය.

මේ අතර ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය පවසනුයේ යුද හමුදා පොලිසිය ද මේ ගැන පරීක්ෂණ අරඹා ඇති බවයි.

එම සෙබළුන් වැරදිකරුවන් වුවහොත් යුද හමුදා පනත අනුව තරතිරම නොබලා ඔවුනට දැඩි දඬුවම් දෙන බව යුද හමුදා බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියයි.

ජායාරුප ලංකාදීපයෙනි.
DSC04638 pizap.com14374804925861 vlcsnap-2015-07-21-17h32m27s116





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8805977294296419561

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item