අගනගර ව්‍යාපෘතියේ 'වාහන තුනක්' හකීම් ඡන්ද වැඩට

කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතියකට අනුයුක්තව තිබූ වාහන 3ක් රවුෆ් හකීම් අමාත්‍යවරයා මහනුවර මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇතැයි වාර්තා වනවා. 

මෙම අගනගර සංවර්ධන ව්‍යාපෘතිය පසුගිය 2012 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 223ක ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ කර තිබූ අතර අදාළ වාහන තුන ඒ යටතේ් ලබාගෙන තිබුණා. 

මෙම වාහන තුන පසුගිය පෙබරවාරි මාසයේ සිට නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයට පවරාගෙන තිබුණු අතර විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඒවා මහනුවර ප‍්‍රදේශයේ මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1720038196923615141

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item