මහින්ද සමග සන්ධාන මැතිවරණ කමිටුව රැස් වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ, ටී.බී ජයා මාවතේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබේ. ...
https://www.sathhanda.com/2015/07/blog-post_416.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ, ටී.බී ජයා මාවතේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමට සහභාගිවීම සඳහා රාජපක්ෂ මහතා පැමිණි බවත්, ඊට සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් සහභාගිවන බවත් සඳහන්ය.
ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට මෙම මැතිවරණ මෙහෙයුම් කමිටුවේදී සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්ද අද රාත්‍රීයේදී පැවැත්වෙන බව පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා අද පෙරවරුවේ නිවේදනය කරන ලදී.


Related