ග්‍රීසියේ මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

ජනමත විචාරණයේ ප්‍රතිඵලය පිළිබඳව ප්‍රීතිය පළ කරන ග්‍රීක ඡන්දදායකයෝ ජාත්‍යන්තර ණය දෙන සංවිධාන ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ග්‍රීක ජනතා...

ජනමත විචාරණයේ ප්‍රතිඵලය පිළිබඳව ප්‍රීතිය පළ කරන ග්‍රීක ඡන්දදායකයෝ

ජාත්‍යන්තර ණය දෙන සංවිධාන ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ග්‍රීක ජනතාව තීන්දු කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ මුදල් අමාත්‍ය යානිස් වරුෆාකිස්, පදවියෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.

ග්‍රීසිය මුහුණ පා සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සම්මුතියකට එළඹීමට සිය ඉල්ලා අස්වීම උපකාරී වනු ඇතැයි අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් විශ්වාස කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

තමන් පදවියෙන් ඉවත් කිරීමට ඇතැම් යුරෝපා බලධාරීන්ට අවශ්‍යව තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම නිවේනදය කළේ, ජාත්‍යන්තර ණය දෙන සංවිධාන ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කළ යුතු බව ජනමත විචාරණයට සහභාගි වූ ජනතාවගෙන් සියයට 61.3 ක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යුරෝපා නායකයන් සිය ප්‍රතිචාරය සලකා බලමින් සිටියදී.

අර්බුදයට වඩාත් යහපත් විසඳුමක් සාකච්ඡා කිරීම් පිණිස ජනතාව වරමක් දී ඇති බවයි, ප්‍රතිඵලය පිළිබඳව ප්‍රතිචාරය පළ කරන අගමැතිවරයා පවසන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8719373908962176519

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item