චියර්ලීඩින්ග් නිර්මාතෘගේ අභාවය වෙනුවෙන් ශෝකය

ක්‍රීඩා තරඟ නරඹන්නන් ඉදිරියේ කෙරෙන නූතන නර්තන සම්ප්‍රදායේ (cheerleading) නිර්මාතෘ ලෝරන්ස් හර්කිමර් ගේ (Lawrence Herkimer) අභාවය වෙනුවෙන්...





ක්‍රීඩා තරඟ නරඹන්නන් ඉදිරියේ කෙරෙන නූතන නර්තන සම්ප්‍රදායේ (cheerleading) නිර්මාතෘ ලෝරන්ස් හර්කිමර් ගේ (Lawrence Herkimer) අභාවය වෙනුවෙන් ලොව වටා රසිකයෝ ශෝකය පළ කරති.

පසුගිය සතියේ ලෝරන්ස් හර්කිමර් හෘදයාබාධයකින් මිය යන විට ඔහු අසූ නව වැනි විය පසු කරමින් සිටියේය.

චියර්ලීඩින්ග් නර්තන සම්ප්‍රදාය ඉගැන්වීම සඳහා පුහුණු කඳවුරු පවත්වාගෙන යාම තුළින් ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත් විය.

ලෝරන්ස් හර්කිමර් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක ඉගෙනීම ලබමින් සිටියදී Cheerleading නර්තන සඳහා වූ ජාතික සංගමයක් පිහිට වූ අතර ඒ වෙනුවෙන් සඟරාවක්ද පළ කළේය.

ලෝරන්ස් හර්කිමර් 1948 දී ඉගෙනීම අවසන් කිරීමෙන් අනතුරුව සිය මිතුරෙකුගෙන් ඩොලර් 600 ක අත මාරුවක් කර ගෙන තම නිවස අද්දර වූ ගරාජයක සිය පුහුණු පන්ති ආරම්භ කර තිබේ.

සිය පළමු පුහුණු කණ්ඩායමට ශිෂ්‍යාවන් පනස් දෙදෙනෙකු සහ එක් ශිෂ්‍යයෙකු ඇතුළත් වූ අතර වසරක අවෑමෙන් එය සිසුන් 350 දෙනෙකුගෙන් යුත් පුහුණු කඳවුරක් බවට පත් විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 9194908329919662334

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item