දිගටම දේශපාලනය කරනවා, මම සල්ලි හොයන්නේ මෙහෙමයි - දුමින්ද.
දුමින්ද සිල්වා අද පුවත්පතට දුන් සාකච්චාවක් ඇසුරෙන්, නාමයෝජනා නොලැබුණේ ඇයි? ඒක තමයි මමත් කල්පනා කරන්නේ.බොරු චෝදනා ප‍්‍රචාරය කරලා මග...
https://www.sathhanda.com/2015/07/blog-post_440.html
ඒක තමයි මමත් කල්පනා කරන්නේ.බොරු චෝදනා ප‍්‍රචාරය කරලා මගේ චරිතය ඝාතනය කරන්න බොහෝ අය සැලසුම් කළා.ඒකට පළවෙනි හේතුව මනාප පොරයයි.වචන දෙකක් නැහැ නාමයෝජනා ලැබුණා නම් මම සන්ධානයේ කොළඹ වැඩිම මනාප ගන්නවා.සාමාන්‍ය දැනුම ඇති ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙවර නාමයෝජනා දීපු විදිහෙන් මෙතෙක් මට කළ චෝදනා දේශපාලන ජීවිතය නැති කරන්න සිදුකළ කූට,සැලසුම් සහගත ක‍්‍රියා බව.
ඔබට විරුද්ධව ඝාතන නඩුවක් තියෙනවා.වෙලේ සුදා සමග මුදල් ගනුදෙනු කළ කියලත් චෝදනාවක් තියෙනවා?
මම දන්න වෙලේ සුදෙක් නැහැ.මම හිතන්නේ ඒ මනුස්සයා පොලීසිය නොමග යවන්න කියපු දෙයක් එය.මට විරුද්ධ අය ඔහු ලවා එහෙම කියෙව්වද දන්නෙ නැහැ.ඝාතන නඩුව අධිකරණ කටයුත්තක් නිසා මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ.ඔළුවට වෙඩි වැ`දීම නිසා මට ඒ සිදුවීම මතක නැහැ.මම එය දන්නෙ සාක්ෂි අනුවයි.
දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න සල්ල කොහෙන්ද?ඒ ගැනත් සමහරු සැක කරනවා?
මගේ පවුලේ ව්‍යාපාරවලින් සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් වෙන් කරන මුදල් වලින් තමයි ඒවා කළේ.ඒ ගැන ලිපිලේඛන වාර්තා තවම එම ආයතනවල තිබෙනවා.මම ඒවා ක්‍ෂෘ යට ඉදිරිපත් කළා.
එහෙනම් මේ කුඩු විකුණපු සල්ලි කියන්නේ බොරුද?
සමහර කුහක,ඊර්ෂ්‍යාකාර මිනිස්සු දන්නේ සල්ලි හම්බ කරන්න පුළුවන් කුඩුවලින් විතරයි කියලා.හොද ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරලා බැංකුවලින් ණයක් අරන් ඕනෑ තරම් ආයෝජන කරන්න පුළුවන්.මගේ පියා පළපුරුදු වරලත් ගණකාධිවරයෙක් වීම අපේ පවුලට හයියක්.
එතකොට මේ චෝදනා?
ඔය චෝදනා කරන මිනිසුන්ට මම වගේ දහගුණයක් ජනතාවට උදව් කළ හැකියි.හැබැයි ඒවා නොකරන්නේ ඒවා කළු සල්ලි නිසා.නීතිවිරෝධීව හම්බකරන මිනිස්සු ප‍්‍රසිද්ධියේ සමාජසේවා කරන්නෙ නැහැ.මොකද තමන්ගේ සල්ලි කළු සල්ලි නොවේ කියා ඔප්පු කරන්න බැරි නිසා.
එතකොට දේශපාලනයෙන් හම්බ කරලා නැද්ද?
සතයක්වත් හම්බ කරලා නැහැ.සල්ලි ගැවසෙන ව්‍යාපෘතිවල මම නිරත වුණේ නැහැ.දේශපාලනයෙන් හම්බ නොකළ නිසයි විරුද්ධවාදීන් කුඩු චෝදනා ගේන්නෙ.දේශපාලනයට එද්දී තිබුණු දේපළට වඩා දෙයක් තවම මා සතුව නැහැ.
එතකොට කොළොන්නාවේ කුඩු වලට සම්බන්ධයක් ඇත්තෙම නැද්ද?
කොළොන්නාවේ කුඩු ජාවාරම් පටන් අරන් තියෙන්නේ 1990 ගණන්වල.ඒ කවුද කියා ජනතාව දන්නවා.මම එහි සංවිධායක වුණේ 2009 දී.ඉන්පසු අවුරුදු දෙක හමාරක්ම හිටියේ පිටරට අසනීපව.කොළොන්නාවෙ වැරදිකරුවන් ගැන මම වගකිවයුතු නැහැ.මට ඔවුන්ගේ අධර්ම ක‍්‍රියාවලට වගකියන්න බැහැ.
දැන් දේශපාලනය අතහරිනවාද?
නැහැ.ඇයි මම එහෙම කරන්නේ.මම තාම තරුණයි.මට හොද ජනප‍්‍රදාසයක් තියෙනවා.දැනුත් මගේ ගෙදරට,කාර්යාලයට ජනතාව එනවා.ඔවුන් බොහෝ හිත් වේදනාවෙන් ඉන්නේ මට කළ දේට.
එහෙනම් පක්ෂය මාරු කරනවාද?
නැහැ.එහෙම අදහසක් නැහැ.


Related