මැතිවරණයත් සමග "රෝ" මෙහෙයුම් අරඹලා - බුද්ධි අංශ

පාර්ලිමේන්තු මහ මැතිවරණයත් සමග ඉන්දීය "රෝ" ඔත්තු සේවය මෙරට තුළ පුළුල් බුද්ධි මෙහෙයුමක්‌ අරඹා ඇතැයි ශ්‍රී ලංකා බුද්ධි අංශ අනාවරණය ...

පාර්ලිමේන්තු මහ මැතිවරණයත් සමග ඉන්දීය "රෝ" ඔත්තු සේවය මෙරට තුළ පුළුල් බුද්ධි මෙහෙයුමක්‌ අරඹා ඇතැයි ශ්‍රී ලංකා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

ඉකුත් මාස හයක පමණ කාලය තුළ සංචාරක වීසා මගින් හා විවිධ ක්‍රම ඔස්‌සේ මෙරටට පැමිණි ඉන්දීය "රෝ" ඔත්තු සේවයේ දෙසීයක පමණ කණ්‌ඩායමක්‌ උතුර නැගෙනහිර සහ මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවක විසිරී යමින් මෙම මෙහෙයුමට සක්‍රීය ලෙස දායක වී සිටින බවද වාර්තාවී ඇත.

ඉන්දියාවේ අභිමතය පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙහෙයවිය හැකි යාන්ත්‍රණයක්‌ ඇති කිරීම මෙහිදී "රෝ" ඔත්තු සේවයේ ඉලක්‌කය වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින "රෝ" ඔත්තු සේවා නිලධාරින් විවිධ වෙස්‌ ගෙන තොරතුරු රැස්‌ කරමින් මෙහෙයුමේ නිරතව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර උතුරේ සිටින හින්දි භාෂාව හැසිරවිය හැකි ඒ පිළිබඳ දැනුම තිබෙන දෙමළ තරුණ තරුණියන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්‌ මේ වන විට ඉන්දීය මහ කොමසාරිස්‌ මගින් ආරම්භ කර තිබේ.

දෙමළ තරුණ තරුණියන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය ආදර්ශ අයෑදුම් පත්‍රයක්‌ද මේ දිනවල ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලය සිය වෙබ් අඩවිය ඔස්‌සේ පළ කර ඇත.

හින්දි භාෂාව හැසිරවිය හැකි දෙමළ තරුණ තරුණියන්ට එම අයදුම්පත සම්පූර්ණ කර ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාල ඊමේල් ලිපිනයට එවීමෙන් හෝ 0212220503 යන ෆැක්‌ස්‌ අංකයට යොමු කිරීමෙන් ලියාපදිංචි විය හැකි බවද එහි සඳහන් වේ.

ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය මෙවන් වැඩසටහනක්‌ ක්‍රියාත්මක කළ ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර ලියාපදිංචි වන දෙමළ තරුණ තරුණියන් යොදාගෙන උතුරේ ජනතාවගේ බිම් මට්‌ටමේ තොරතුරු ලබා ගැනීමේ ජාලයක්‌ ඇති කිරීම මෙහිදී ඉන්දීය තානාපති බලධාරීන්ගේ අරමුණ විය හැකි බවද මෙරට බුද්ධි අංශ සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6611714422613005867

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item