CSE හා MSE ගිවිසුම්ගත වෙයි

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කොටස් වෙළෙඳ පොළවල් අතර ආයෝජන අවස්ථා, ලැයිස්තුගත කිරීම් හා සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳ...

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කොටස් වෙළෙඳ පොළවල් අතර ආයෝජන අවස්ථා, ලැයිස්තුගත කිරීම් හා සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ හා මාලදිවයින් කොටස් වෙළෙඳ පොළ පසුගිය 10 වැනිදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. 

තොරතුරු, දැනුම හුවමාරුව, තාක්ෂණික හුවමාරුව සහ අනෙකුත් වාණිජමය පොදු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා අනාගතයේදී සමීපව කටයුතු කිරීම මෙහි අරමුණ වූ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, මූලික වශයෙන් මේ හරහා පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවයි.



  • දේශීය නිකුතු ආයතන සඳහා ප්‍රවර්ධන ක්‍රියාදාමයන් ස්ථාපනය
  • හරස් හා ද්වී ලයිස්තුගතවීම්
  • කොටස් වෙළෙඳපොළවල් අතර ලැයිස්තුගත වීමේ රෙගුලාසි
  • ව්‍යාපාරික මෙහෙයුම් ආකෘති පිළිබඳ තොරතුරු හා ඒ ආශ්‍රිත වර්ධනීය අවස්ථා
  • වෙළෙඳපොළ දෙකෙහිම ලැයිස්තුගත සුරැකුම්පත් ගනුදෙනු වීම
  • නව මූල්‍ය උපකරණ හා දැනුම අන්‍යොන්‍ය වශයෙන් හුවමාරු කරගැනීම
  • තාක්ෂණික හා තොරතුරු හුවමාරුව, යන කරුණු මේ අතරින් ප්‍රධාන තැනක් ගනී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 7668558521767791821

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item