එජාපය අද මහනුවරින් ඡන්ද වැඩ අරඹයි

එක්‌සත් ජාතික පක්‍ෂය අද (14 දා) එම පක්‍ෂයට සහාය දක්‌වන සෙසු පක්‍ෂ නියෝජිතයන් සමග මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියසදී යහපාලනයක්‌ සඳහා කැපවන බව...

එක්‌සත් ජාතික පක්‍ෂය අද (14 දා) එම පක්‍ෂයට සහාය දක්‌වන සෙසු පක්‍ෂ නියෝජිතයන් සමග මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියසදී යහපාලනයක්‌ සඳහා කැපවන බවට ප්‍රතිඥ දී පසුව සිය මංගල රැලිය මහනුවර වෙළෙඳ පොළ අසලදී පවත්වමින් මෙවර මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ඊට පෙර එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එම නායකයන් අස්‌ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමට නියමිතය.

එජාපය සමග එක්‌ව අලියා ලකුණ යටතේ පෙරමුණක්‌ වශයෙන් තරග වැදීමට නාමයෝජනා ලබාදුන් සියලුම පක්‍ෂ නායකයන් ද එම අවස්‌ථාවට සහභාගී වීමෙන් පසු සවස දෙකට පමණ පැවැත්වෙන මංගල රැලියේ වේදිකාවට එක්‌වන බවද එජාප ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

අද මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන එජාපය අගෝස්‌තු 14 වැනිදා දක්‌වාම විවිධ අයුරින් එම ප්‍රචාර කටයුතු සිදු කිරීමට සැලසුම් කරන අතර එජාප නායකයා සහභාගී වන ප්‍රධාන රැස්‌වීම් හතරක්‌ පමණ දිනකට පැවැත්වීමටද සැලසුම් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9055862361931969265

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item