'මෛත්‍රීට සහය දුන් සියලු දෙනාටත් නාමයෝජනා දෙනවා' - සුසිල්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා සඳහා අද(07) සහ හෙට (08) අත්සන් කරන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දුන් සියලු දෙ...
https://www.sathhanda.com/2015/07/blog-post_48.html
ඔහු මේ බව පැවසූවේ දෙරණ නාලිකාවේ ඊයේ (06) විකාශය වූ 360 දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.
ඊයේ පස්වරුවේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැමිණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රීකුණාමලය කණ්ඩායම් නායක ලෙස අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ නම නාම යෝජනා කමිටුවට ලබා දී ඇති බවත් රාජිත සේනාරත්න මහතා කළුතරින් තරග කිරීමට කැමැත්ත පළ කර ඇති බවත් බස්නාහිර පළාත් සහා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියටද කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා හිමිවන බවත් මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
නමුත් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා තවම ශ්‍රීලනිප නාමයෝජනා කමිටුවට නොපැමිණි බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා කමිටුව අද (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවකට එක්වන බවද වාර්තා වේ.


Related